තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සුවසැරිය ගිලන් රථ 105ක නඩත්තුවට පුද්ගලික අංශයේ සහය

    සුවසැරිය ගිලන් රථ 105ක නඩත්තුවට පුද්ගලික අංශයේ සහය

    සුවසැරිය නොමිලේ ගිලන්රථ සේවය වෙනුවෙන් පුද්ගලික අංශය රුපියල් මිලියන 525 කින් දායක වී තිබේ.

    අරමුදල් හිඟවීම නිසා සුවසැරිය ගිලන්රථ සේවය පවත්වාගෙන යාම සඳහා පුද්ගලික අංශයේ සහාය ඉල්ලා සිටීමට පසුගියදා කටයුතු කර තිබුණි.

    මේ අනුව, සුවසැරිය ගිලන් රථ 105 ක් පවත්වාගෙන යාම සඳහා පුද්ගලික අංශයේ සමාගම් ඉදිරිපත් වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

    ඒ සඳහා ඔවුන් මේ වසරේ වැය කරන වියදම රුපියල් මිලියන 525ක්.

    පවතින ආර්ථික අර්බුදය හමුවේ සති කිහිපයක් ඇතුළත මෙවැනි මුදලක් රැස්කර ගැනීමට හැකිවීම එක්තරා ජයග්‍රහණයක් බවත් මේ වෙනුවෙන් ඉදිරිපත් වූ සැමට ජනතාව වෙනුවෙන් තමා ස්තූතිවන්ත වන බවත් මන්ත්‍රීවරයා කියාසිටියේ ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img