තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පිසූ කෑම මිල ගණනුත් පහළට

    පිසූ කෑම මිල ගණනුත් පහළට

    අද (05) මධ්‍යම රාත්‍රියේ සිට හෝටල්, ආපනශාලාවල අලෙවි කෙරෙන කොත්තු, ෆ්‍රයිඩ් රයිස් සහ බත් පැකට් ආදි පිසූ ආහාරවල මිල ගණන් පහත හෙලීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

    ඒ අනුව ඉහත සඳහන් ආහාර මිල 20% සහ ප්ලේන්ටියක මිල 10% කින් අඩු කරන බව එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කියාසිටී.

    ගෑස් මිල පහළ යාම මීට හේතුවයි.

    අමෙරිකානු ඩොලරයේ අගය අඩුවීමත් සමග අමුද්‍රව්‍ය මිල පහළ යාමට සාපේක්ෂව ආහාර ඇතුළු අනෙකුත් භාණ්ඩ මිල ගණන් අඩුවන්නේ ද යන්න සම්බන්ධව විශේෂ සොයා බැලීමක් සිදුකරන බව පාරිභෝගික සේවා අධිකාරිය කියාසිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img