ඇමරිකානු එක්සත් ජනපද ඉතාහාසයේ පළමු වරට හිටපු ජනාධිපතිවරයෙකු අපරාධ විත්තිකරුවෙකු ලෙස ඊයේ (04) දිනයේදී අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.
නිව්යෝක් හී ජූරි සභාව විසින් අධිචෝදනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් ඊයේ සවස අධිකරණය භාර විය. එහිදී හිටපු ජනාධිපතිවරයා එල්ල වූ මූලිකම අපරාධ චෝදනාව වූයේ 2016 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයේදී ඔහු සිදුකළ අයතා මුදල් ගණුදෙනුවකි.
අධිකරණයේදී පළමු වරට හිටපු ජනාධිපතිවරයාට එල්ල කළ චෝදානාවන් ඉදිරිපත් වූ අතර එහිදී ඔහුට එරෙහි මූලික වශයෙන්ම අපරාධ චෝදනා 34ක් ඉදිරපත්ව තිබිණි.
මෙහිදී හිටපු ජනාධිපති ට්‍රම්ප්ට අපරාධ චෝදනා 34ක් එල්ලවී තිබූ අතර ඒ සම්බන්ධනේ ඔහු තමන් නිවැරදිකරු බවට අධිකරණය ඉදිරියේදී ප්‍රකාශ කර සිටියේය.
එහිදී රජය පාර්ශවයෙන් පැවසුවේ හිටපු ජනාධිපති ට්‍රම්ප් 2016 ජනාධිපතිවරණය අඩපණ කිරීමට කුමන්ත්‍රණයක නිතරවූ බවයි. මෙහිදී හිටපු ජනාධිපතිවරයා ඔහුගේ අපේක්ෂකත්වයට හානි කළ හැකි තොරතුරු යටපත් කිරීමට උත්සාහ කරමින් ඊට මුදල් ගෙවා ඇති බවයි. පසුව ඔහු විසින් මුදල් ගෙවීමේ සැබෑ ස්වභාවය වසන් කිරීමටද පියවරගෙන ඇති බවටද ඔහුට චෝදනා එල්ල විය.
මේ අතර ට්‍රම්ප් විසින් වසර ගණනාවක පටන් ලිංගික සම්බන්ධතා පැවැත්වූ බවට කාන්තාවන් දෙදෙනෙකුට එම කරුණු වසන් කිරීමට මුදල් ගෙවා ඇති බවටද චෝදාන එල්ලවිය. එහිදී මෙලෙස හිටපු ජනාධිපතිවරයා විසින් මුදල් ගෙවූ වැඩිහිටියන්ට පමණක් වූ චිත්‍රපට වලට රංගනයෙන් එක්වන කානතාවක් වන අදාල මුදල් ගෙවීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් අනාවරණය කර තිබිණි.
කෙසේවෙතත් අධිකරණයේදී හිටපු ජනාධිපතවරයාගේ ඇඟිලි සලකුණු ලබා ගැනීම සිදුකර ඇති බවටද වාර්තා වන අතර ඉන් අනතුරුව ඔහු අධිකරණයෙන් පිටත්ව ගොන් තිබේ.
හිටපු ජනාධිපතිවරයා අධිකරණය පැමිණි අවස්ථාවේදී ඔහුට සහය දැක්වූ පිරිසක් අධිකරණය ඉදිරියට රැස්ව සිටිහය. එහිදී ඔවුන් පවසා සිටියේ මෙම අධිකරණ ක්‍රියාමාර්ග ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණයට තරඟ වැදීම වැලැක්වීමට ගෙන යන කුමන්ත්‍රන බවයි.