Home දේශීය පුවත් ස්විස් ජාතික කාන්තාවගේ මීගමුවේ නිවස හොරු බිඳියි – ලක්ෂ 48ක මුදල් හා රන් සොරාගනී

ස්විස් ජාතික කාන්තාවගේ මීගමුවේ නිවස හොරු බිඳියි – ලක්ෂ 48ක මුදල් හා රන් සොරාගනී

0
ස්විස් ජාතික කාන්තාවගේ මීගමුවේ නිවස හොරු  බිඳියි – ලක්ෂ 48ක මුදල් හා රන් සොරාගනී

ස්විස් ජාතික කාන්තාවක් පදිංචිව සිටින මීගමුව කුඩාපාඩුවේ පිහිටි නිවසක් බිඳ රුපියල් ලක්ෂ 48කට අධික වටිනාකමක් ඇති මුදල් හා රන් භාණ්ඩ සොරාගෙන ගොස් තිබේ.

වසර 16ක් තිස්සේ මෙරට පදිංචිව සිටින ස්විස් ජාතික කාන්තාවක් පදිංචිව සිටින මීගමුව ඒත්තුකාලේ පිහිටි නිවසක් මෙසේ සොරු බිඳ ඇති බව පොලීසිය කියයි.

ඇය අවන්හලක් පවත්විගෙන යන බවත් පෙරේදා ඇය අවන්හලට ගොස් සිටියදී නිවස හොරු බිද ඇති බව ඇය විසින් මීගමුව පොලීසියට කර ඇති පැමිණිල්ලෙහි දැක්වේ.

අමෙරිකානු ඩොලර් 704ක්, ස්විස් ප්‍රෑන්ක් 280ක්, යුරෝ 680ක්, රුපියල් 3,387,000ක් සහ රන් භාණ්ඩ රැසක් සොරාගත් දෑ අතර වන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here