තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආනයනික ආහාර වර්ග කිහිපයක මිල අඩුවෙයි

    ආනයනික ආහාර වර්ග කිහිපයක මිල අඩුවෙයි

    ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල පහළ ගොස් තිබේ.

    ඒ අනුව සුදු සීනි, පරිප්පු සහ තිරිඟු පිටිවල මිල අඩුවී ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

    නව මිල අනුව රුපියල් 220 ක්ව පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 200ක් දක්වා පහළ ගොස් තිබේ.

    රුපියල් 340ට පැවති පරිප්පු කිලෝවක මිල මේ වනවිට සටහන් වන්නේ රුපියල් 310ක් ලෙසයි.

    රුපියල් 230ක්ව පැවති ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල මේ වනවිට දැක්වෙන්නේ රුපියල් 210ක් ලෙසය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img