තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්Google අද ශ්‍රී ලංකාවට දුන්න 'සප්‍රයිස්' එක

    Google අද ශ්‍රී ලංකාවට දුන්න ‘සප්‍රයිස්’ එක

    Google වෙබ් බ්‍රවුසරයෙන් අද දින ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සෙවූ අය පුදුමයට පත්වන දෙයක් දැකගැනීමට හැකිවී තිබේ.

    මෙම විස්මයජනක දෙය සිදුවී ඇත්තේ අද පෙරවරු 11.21ත් අද පස්වරු 1.17ත් අතර කාලය තුළ Google වෙතින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සෙවූ අයටයි.

    එම කාලය තුළ අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 236.81 දක්වා පහත වැටී තිබුණි.

    මෙය දැකීමෙන් මවිතයට පත් ගූග්ල් පරිශීලකයින්ගෙන් ඇතැමුන්ට අනපේක්ෂිත සසතුටක් ද ඇතැමුන්ට අනපේක්ෂිත තැතිගැන්මක් ද ඇතිවූවාට සැක නැත.

    මෙම අනුපාතය ටික වේලාවක් පැවති අතර පසුව Google සමාගම විසින් මෙම අනුපාතය වහාම 329.00 දක්වා නිවැරදි මට්ටමට වෙනස් කරන ලදී.

    සිදුවූයේ කුමක්ද යන්න තවමත් පැහැදිලි නැති නමුත් පසුව හෝ මෙම වැරදි අනුපාතයක් Google Finance ඔස්සේ උඩුගත කළේ ඇයිදැයි එම සමාගම මෙතෙක් පැහැදිලි කර නැත.

    Google Finance යනු Google සමාගම විසින් සත්කාරකත්වය සපයන ව්‍යාපාරික පුවත් සහ මූල්‍ය තොරතුරු මුදාහරින වෙබ් අඩවියකි.

    අද සිදුවී තිබූ එම අනුපාත වෙනස දිස්වුයේ පහත පරිදි ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img