Home උණුසුම් පුවත් යුද හමුදා මළල ක්‍රිඩාවෙන් නව ජාතික වාර්තා 3ක්

යුද හමුදා මළල ක්‍රිඩාවෙන් නව ජාතික වාර්තා 3ක්

යුද හමුදා මළල ක්‍රිඩාවෙන් නව ජාතික වාර්තා 3ක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කළ 58 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රිඩා ශුරතාවලියේ අද දින (30) පැවති තරග අතරින් නව ජාතික වාර්ථා 3 ක් බිහි වී තිබේ.

දියගම ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ දි ඊයේ ආරම්භ වූ තරගාවලිය අද දෙවැනි දිනට පැවැත්විණි.

මිටර් 10000 කාන්තා ඇවිදිමේ තරගය ශ්‍රී ලංකා කාන්තා බළකායේ ලාන්ස් කෝප්‍රල් මදිරිකා විසින් විනාඩි 49.25.97 ක නිමි කාලයක් අවසන් කරමින් එහි ජාතික වාර්තාව තමන් සතු කර ගත් අතර, එම තරගයේ පිරිමි ජාතික වාර්තාව ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ප්‍රනාන්දු විසින් විනාඩි 45 තප්පර 12 දසම 22 ක නිමි කාලයක් සටහන් කරමින් තමන් සතු කර ගත්තේය.

මේ අතර රිටි පැනිමේ පිරිමි ඉසව්වෙන් යුද්ධ හමුදා සේවා බළකායේ ලාන්ස් කොප්‍රල් ජනිත් විසින් මිටර් 5.16 ක උසක් සටහන් කරගනිමින් එහි නව ජාතික වාර්තාවක් පිහිටුවූයේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here