පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කිරිමට හේතු වු රහස් කරුණු ඇතුළත් සහරාන්ගේ වීඩියෝවක් ජනපති කොමිසම හමුවේ හෙළිවිය.
අදාල වීඩියෝවේ සහරාන් ප්‍රකාශ කරන අදහස්වලින් කොටසක් මෙසේය.
අල්ලා දෙවියන් වහන්සේට බැණවැදීම සහ අවමන් කිරීම, තම ජීවිතයට වඩා ආදරය කරන අල්ලා දෙවියන් වහන්සේගේ ධර්මය ඇතුළත් අල්-කුරානය ඉරා දමා විනාශ කිරීම සහ ගිනි තැබීම අල්ලා දෙවියන් වහන්සේගේ පූජනීය ස්ථානය වන මස්ජිත් පල්ලි කඩා බිඳ දැමීම.
ව්‍යාජ චෝදනා එල්ල කර මුස්ලිම් ජනතාවගේ ආර්ථිකය විනාශ කිරීම් ගෙවල් ගිනි තැබීම්, ඉඩම් බලයෙන් ලබා ගැනීම.
බටහිර අප්‍රිකාවේ ඉස්ලාමීය රාජ්‍යයේ රණකාමින් (මුජහදීන්) ට විරුද්ධව පැවැත්වූ ජාත්‍යන්තර කුරුස යුද්ධයට ශ්‍රී ලංකාව සහභාගි වීම, මෙම කරුණට විරුද්ධවාදීන්ට සමාව දිය හැකි වුවද පහත කරුණ හේතුවෙන් එසේ සමාව දිය නොහැක.
අල්ලා දෙවියන් වහන්සේගේ නියමය අනුව ඉස්ලාම් ආගම් පිළිනොගන්නා පුද්ගලයින් (කාෆිර්) දුටු තැන ඝාතනය කළ යුතුය.
සහරාන් විසින් වීඩියෝ දර්ශනවල ඉහත සඳහන් කරුණු වලට අමතරව පහල සඳහන් කරුණු සඳහන් කර ඇත.
අල්ලා දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කිරීම, ගෞරවයක් ජයග්‍රහණයක් මෙන්ම පාර පාරාදීසිය වෙත ඍජුව ගමන් කිරීමේ ක්‍රමයක් වේ. මෙම ප්‍රහාරය මගින් ශ්‍රී ලංකාව තුළ ISIS සංවිධානය අනුගමනය කරන මුස්ලිම්වරු වර්ධනය වේ .
මෙම ප්‍රහාරයන් සිදුකිරීම කිරීමේදී විනාශ වන මස් සහ ඇට කැබලි මගින් සහ හිස්කබල් මතින් ඉස්ලාමීය රාජ්‍යයක් බිහි කිරීමේ බීජයක් රෝපණය වේ.
මෙම ප්‍රහාරය ඉදිරියේ දී ඉන්දියාව ජයග්‍රහණය කිරීම සඳහා පාදක කර ගත යුතු අතර ඉන්දියාවේ සිටින විරුද්ධවාදීන් ද මෙම ප්‍රහාරය ඔවුන්වද ඉලක්ක කර සිදු කරයි.
මෙම ප්‍රහාරය සිදු කරන්නේ ඉඩම් වෙනුවෙන් විනාශ වී යෑම සතුට වෙනුවෙන් නොවන අතර මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හා අල්ලා දෙවියන්ට වහන්සේට සිදු කරනු ලබන ගෞරවයක් වෙනුවෙන් ද සිදුකරයි.
කිසිදු අවස්ථාවක් සාකච්ඡා කර සමථයකට පත්වීම සිදු නොකරන අතර තැන් තැන්වල බෝම්බ පිපිරීම් ආරම්භයක් පමණි.
ඉදිරියේදී අපිව අනුගමනය කරන බොහෝ පිරිසක් නුඹලාව කණ්ඩායම් වශයෙන් මරා දාවි.
නුඹලාට අපේ අනුකම්පාව අවශ්‍ය නම් ඉස්ලාම් ආගමට පැමිණීම හෝ බදු ගෙවීම් සිදු කළ යුතුයි.
මෙම ප්‍රහාරයට යොදා ගන්නා ද්‍රව්‍ය අපේම අත්වලින් සකස් කළ අතර කාෆිර්ලාගේ මුදල් හෝ උපකාර කිසිවක් ලබා ගත්තේ නැහැ.