Home උණුසුම් පුවත් රූපලාවන්‍ය ශිල්පිනියක් සමඟ 3ක් CID අත්අඩංගුවට

රූපලාවන්‍ය ශිල්පිනියක් සමඟ 3ක් CID අත්අඩංගුවට

0
රූපලාවන්‍ය ශිල්පිනියක් සමඟ 3ක් CID අත්අඩංගුවට

නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර් ෂ සහ නිල මුද්‍රා ව්‍යාජ ලෙස සකස්කර කූඪ ලේඛණ හැදූ රූපලාවන්‍ය ශිල්පිනියක් ඇතුළු තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහනුවරදී අත්අඩංගුවට ගෙන ඇත.

රූපලාවන්‍ය ශිල්පිනිය කටුගස්තොට සෙනෙරත්ගම පදිංචිකාරියකි. ඇය 47 හැවිරිදි තැනැත්තියකි.

ඇය සමඟ මහනුවර අස්ගිරිය සුමංගල මාවතේ පදිංචිකරුවෙක් වන විදුලි කාර්මිකයෙක් ද
මහනුවර මහයියාවේ පදිංචිකරුවෙක් වන ව්‍යාපාරිකයෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂ ව්‍යාජව සකස්කර ඒ තුළ නීතිපතිවරයාගේ අත්සන සහ නිල මුද්‍රාවද ව්‍යාජ ලෙස තබා කූඨ ලේඛන මෙම සැකකරුවන් තිදෙනා විසින් සකස්කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here