තවත්
    මුල් පිටුවspecialදකුණු ආසියානු නීතිඥයන්ගේ ක්‍රිකට් තරගාවලිය 30දා සිට කොළඹදී

    දකුණු ආසියානු නීතිඥයන්ගේ ක්‍රිකට් තරගාවලිය 30දා සිට කොළඹදී

    ශ්‍රී ලංකා නීතිඥයන්ගේ ක්‍රිකට් සංගමය හා ඉන්දීය CAAI නීතිඥ සංගමය එක්ව ප්‍රථම වරට සංවිධානය කරනු ලබන දකුණු ආසියානු නීතිඥ කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 30 වැනිදා සිට අප්‍රියෙල් 5 දක්වා කොළඹදී පැවැත්වේ.

    මෙම තරගාවලිය සඳහා බැංග්ලෝර්, නවදිල්ලිය,මුම්බායි, කොල්කටා, ලාහෝර්, කරච්චි, ඩකා හා කොළඹ යන නගර නියෝජනය කරන නීතිඥයන්ගේ කණ්ඩායම් රැසක් සහභාගිවීමට නියමිතය.

    මෙහි අවසන් තරගය අප්‍රියෙල් 5දා කොළඹ සී.සී.සී ක්‍රීඩාංගණයේදී උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    සෙසු තරග කෝල්ට්ස්, බී.ආර්.සී හා තර්ස්ටන් යන ක්‍රීඩාංගණවල පැවැත්වේ.

    මෙහි ආරම්භක උළෙල මාර්තු 30 දා සවස කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

    සියලුම තරගවල සජීවී විකාශන ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් සංගමයේ නිල යූටියුබ් චැනලය ඔස්සේ විකාශය කෙරේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img