Home උණුසුම් පුවත් පුංචි ඡන්දෙ ගැන තීන්දුවක් ගන්න අද විශේෂ රැස්වීමක්

පුංචි ඡන්දෙ ගැන තීන්දුවක් ගන්න අද විශේෂ රැස්වීමක්

පුංචි ඡන්දෙ ගැන තීන්දුවක් ගන්න අද විශේෂ රැස්වීමක්

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනි දා පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් විශේෂ තීන්දුවක් ගැනීම සඳහා මැතිවරණ කොමිසමෙන් විශේෂ රැස්වීමක් අද(23) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට සහ නියෝජිතයින්ට හෙට පසුවන කොමිසමට පැමිණෙන ලෙස දැනුම් දී ඇති අතර එහිදී පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම කල් දමන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් විමසීමට නියමිත බවද වාර්තා වේ.

මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ මතය විමසීමෙන් අනතුරුව විශේෂ රැස්වීමක් පවත්වා අදාළ තීන්දුව ගැනීමට නියමිත බව ද වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා නොලැබීම නිසා තැපැල් ඡන්දය මේ මස 27 28 හා 30 යන දිනවල නොපැවැත්වෙන බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

කෙසේ වෙතත් එම ඡන්ද විමසීමේ නව දිනය පිළිබඳව අද විශේෂ තීන්දුවක් ගෙන ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here