තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හම්බන්තොට වරාය කර්මාන්ත උද්‍යානයට මධ්‍යම පරිසර අධිකාරියෙන් SIEE අනුමැතිය

    හම්බන්තොට වරාය කර්මාන්ත උද්‍යානයට මධ්‍යම පරිසර අධිකාරියෙන් SIEE අනුමැතිය

    හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරීශ්‍රයේ පිහිටි කර්මාන්ත උද්‍යානයට මධ්‍යම පරිසර අධිකාරිය විසින් “පරිපූරක මූලික පාරිසරික පරික්ෂණ අනුමැතිය“ (SIEE) ලබා දී ඇත.

    එයට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීය සහ තවත් රාජ්‍ය ආයතන කිහිපයක අනුමැතියද ඇතුළත් වන බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහන් කරයි.

    මෙම සහතිකය ලබාදී ඇත්තේ හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නිරීක්ෂණ චාරිකා කිහිපයක නිරතව පුළුල් පරිසර සහ තාක්ෂණික අධ්‍යයනයන් වලින් අනතුරුව බවද හම්බන්තොට ජාත්‍යන්තර වරාය බලධාරීන් සඳහන් කරයි. මෙහිදී කර්මාන්ත උද්‍යානය තුළ විවිධ කර්මාන්ත පිහිටුවීම සඳහා අවශ්‍ය අනුමැතිය ද හිමිව තිබේ.

    රජයේ රෙගුලාසි සහ ආයතන විසින් අධීක්ෂණය කරන ප්‍රමිතීන්ට අනුව, නොයෙක් කර්මාන්ත සඳහා අවශ්‍ය නව පොදු සහ යටිතල පහසුකම් නුදුරේම හඳුන්වාදීමට බලාපොරොත්තුවන බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහන් කරයි.

    “කර්මාන්තවලට වරාය සේවා සඳහා පහසු ප්‍රවේශයක් මෙන්ම, අපගේ Port-Park ආකෘතිය තුළින් ආනයනය සහ අපනයනය සිදු කිරීමට අවශ්‍ය පහසුකම් රැසක් සලසනවා. උද්‍යානය තුළ ක්‍රියාත්මක විය හැකි කාණ්ඩ පුළුල් කිරීම තුළින්, විවිධ ගෝලීය කර්මාන්ත ශ්‍රී ලංකාවට ආකර්ෂණය කිරීමට අපට හැකි වන අතර, එතුළින් මෙරට කාර්මික සංවර්ධනය ශක්තිමත් කිරීමේ හවුල්කරුවෙකු ලෙස අප වගකීමෙන් කටයුතු කරනවා. මෙය ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළ නංවනු නොඅනුමානයි,” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පවසයි.

    ඒ අනුව වරාය කර්මාන්ත උද්‍යානයේ කටයුතු පුළුල් කරමින්, ව්‍යාපෘති 90කට අධික විවිධ ගණයේ කර්මාන්ත එහි පිහිටූවිමට හම්බන්තොට වරාය බලධාරීන් අපේක්ෂා කරයි. ගබඩා සහ සැපයුම්, විදුලි හා ඉලෙක්ට්‍රොනික් උපකරණ, ඛනිජ නිෂ්පාදන, මෝටර් රථ නිෂ්පාදන, ඇඟලුම් සහ රෙදිපිළි, ඛනිජ තෙල් හා තෙල් ආශ්‍රිත නිෂ්පාදන, ඖෂධ, රබර් නිෂ්පාදන, ගෘහ භාණ්ඩ සහ ආහාර නිෂ්පාදන යනාදි නව කර්මාන්ත කාණ්ඩ කිහිපයක් හම්බන්තොට වරායේ කර්මාන්ත උද්‍යානයේ ප්‍රධාන සැලැස්මට එක් කර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img