Home උණුසුම් පුවත් මාදුරු ඔය රක්ෂිතයේ නටඹුන් රැකගන්න ගෙනා ලක්ෂ ගණනක බඩු අතුරුදන්

මාදුරු ඔය රක්ෂිතයේ නටඹුන් රැකගන්න ගෙනා ලක්ෂ ගණනක බඩු අතුරුදන්

0
මාදුරු ඔය රක්ෂිතයේ නටඹුන් රැකගන්න ගෙනා ලක්ෂ ගණනක බඩු අතුරුදන්

මාදුරුඔය රක්ෂිතයේ නෙළුගල පුරාවිද්‍යා ස්ථානයේ ඇති නටඹුන් අව් වැසිවලින් ආරක්ෂාකර ගනිමන් ඉදිරි කැණීම් කටයුතු කිරීම සඳහා අවශ්‍ය ආවරණ ඉදිකිරීමට රැගෙනවිත් තිබුණු රුපියල් ලක්ෂ 19කට අධික වටිනාකමක් ඇති ජී.අයි. බට සහ රැලි තහඩු තොගයක් සොරාගෙන ගොස් ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.

නෙළුගල පුරාවිද්‍යා ස්ථානයේ නටඹුන් ආරක්ෂා කිරීමේ වැඩබිමේ තිබී මෙසේ සොරාගෙන ගොස් ඇත්තේ ජී.අයි. බට 165ක් සහ රැලි තහඩු 135කි.

මෙම සොරකම ගැන පොලීසියට පැමිණිලිකළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මෙහි ව්‍යාපෘති කළමනාකරු පවසා ඇත්තේ පසුගිය ජනවාරි 26 වෙනිදාත් මාර්තු 15 වෙනිදාත් අතර කාලය තුළ මෙම සොරකම සිදුව ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here