තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුවන්තොටේදී මහින්දානන්ද හරවා යැවීමට හේතුවූ නිලධාරිනියගේ වැඩ තහනම්

    ගුවන්තොටේදී මහින්දානන්ද හරවා යැවීමට හේතුවූ නිලධාරිනියගේ වැඩ තහනම්

    විදෙස්ගතවීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කටුනායක ගුවන් තොටුපොළෙන් හරවා යැවීමට මුල්වූ හේතුවට අදාළව දත්ත පරිගණකගත කරන ලද නිලධාරිනියගේ රාජකාරි අත්හිටුවූ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය යන ආයතන මගින් විමර්ශන ආරම්භ කර ඇත.

    විදෙස් සංචාරයක් සඳහා පසුගිය 10 වන දා මධ්‍යම රාත්‍රියේ ගුවන්තොටුපළට පැමිණි අලුත්ගමගේ මහතාට ගුවන්තොටුපළෙන් පිටව යාම වළක්වාලමින් ගුවන් තහනමක් පනවා ඇති බව දන්වා ගුවන්ගත වීම සඳහා අවසර ලබා දී නොතිබුණි.

    දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට මන්ත්‍රීවරයාගේ ගමන් බලපත්‍ර දත්තවලට අදාළව, ඔහුගේ නොවන වෙනත් අයකුගේ තොරතුරක් ඇතුළත්ව තිබීමෙන් මෙම තත්ත්වය මතුව ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

    මේ හේතුවෙන් අදාළ ගුවන් ගමන් තහනම තොරතුරු පද්ධතියට ඇතුළත් කළ නිලධාරිනියගේ රාජකාරි මේ වන විටත් අත්හිටුවා ඇති බවත් මන්ත්‍රීවරයාට සිදුවූ අපහසුතාව පිළිබඳ කනගාටුව පළකරන බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව කියාසිටියි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img