තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රි ලංකා නවසීලන්ත තරගය දෙපිළටම විවෘත වෙයි

    ශ්‍රි ලංකා නවසීලන්ත තරගය දෙපිළටම විවෘත වෙයි

    ශ්‍රි ලංකාව හා නවසීලන්තර අතර ක්‍රයිස්චර්ච් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත පිළ තවත් එක් දිනක් ඉතිරිව තිබිය දී කඩුලු 9ක් අතැතිව ජයග්‍රහණයට ලකුණු 257ක් පිටුපසින් සිටියි.

    තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 355ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත ක්‍රීඩකයෝ ලකුණු 373ක් ලබාගත්හ. ඒ අනුව ලකුණු 18ක් පිටුපසින් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 302ක් ලබා ගත්තේය.

    කැපී පෙනෙන ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිවුස් පන්දු දෙසිය තිස් පහක දී ලකුණු 115ක් ලබා ගත්තේය. ලකුණු 285ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායන නවසිලන්ත ක්‍රිඩකයෝ මේ වනවිට එක් කඩුල්ලක් දැවි ලකුණු 28ක් ලබා සිටිති.

    පිටියේ ස්වභාවය අනුව පන්දු යවන්නන්ට ද ඉතා යෝග්‍ය තණතිල්ලක් බවට ක්‍රයිස්චර්ච් පිටිය පරිවර්තනය වී ඇති අතර වේග පන්දු යවන්නන්ට වඩා සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමේ හැකියාව තිබේ.

    ඒ අනුව මෙම තරගයේ තවත් එක් දිනක් ඉතිරිව ඇති අතර නවසීලන්ත ක්‍රිඩකයන්ට තම කඩුලු 9 ආරක්ෂා කර ගනිමින් ඉලක්කය හඹායාම එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව ක්‍රිකට් විචාරකයන්ගේ අදහසයි. කෙසේ නමුත් තරගයේ අවසන් දිනය වන හෙට දිනයේ දෙපිළටම තරගය විවෘත වූ දිනයක් බවට පත්ව තිබේ.

    ශ්‍රී ලංකාව 355 සහ 302

    නවසීලන්තය 373 සහ 28/1

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img