Home උණුසුම් පුවත් බිත්තිය සිදුරුකරන් මහාබාගේ තැපැල් කාර්යාලයට හොරෙක් රිංගයි

බිත්තිය සිදුරුකරන් මහාබාගේ තැපැල් කාර්යාලයට හොරෙක් රිංගයි

0
බිත්තිය සිදුරුකරන් මහාබාගේ තැපැල් කාර්යාලයට හොරෙක් රිංගයි

වත්තල මහබාගේ පිහිටි තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලෙහි බිත්තිය සිදුරුකර ඒ තුළින් තැපැල් කාර්යාලයට රිංගූ සොරෙක් එහි ඇති සේප්පුව බිඳ රුපියල් 70,000ක පමණ මුදලක් සොරා ගෙන ගොස් ඇතැයි මහබාගේ පොලීසිය සඳහන් කළේය.

තැපැල් කාර්යාලයේ පිටුපස කොටසේ බිත්තිය උල් ආයුධයකින් සිදුරුකර මෙසේ තැපැල් කාර්යාලයට සොරුන් ඇතුළු වී ඇති බව පොලීසිය කියයි.

මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය 04 වෙනිදා සවස 4.00ත් පෙරේදා (07) උදෑසන 8.00 තැපැල් කාර්යාලය තුළ දී බව පොලීසිය කියයි. මේ කාලය තුළ තැපැල් කාර්යාලය තිබී ඇත්තේ වසා දමාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here