Home උණුසුම් පුවත් වැල්ලේ සාරංගගේ සහෝදරයාට වෙඩි වරුසාවක්

වැල්ලේ සාරංගගේ සහෝදරයාට වෙඩි වරුසාවක්

0
වැල්ලේ සාරංගගේ සහෝදරයාට වෙඩි වරුසාවක්

“ වැල්ලේ සාරංග“ නැමැති පාතාල අපරාධකරුගේ සහෝදරයෙකු ගමන්කරමින් සිටි ත්‍රීරෝද රථයකට කොටහේන ඉබ්බගෙවත්ත හන්දියේදී කළු පැහැති වැගන් ආර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් අද (07) උදෑසන වෙඩි තබා තිබුණි.

ටී 56 අවියකින් කළ මෙම වෙඩි තැබීමෙන් සාරංගගේ සහෝදයාට කිසිදු හානියක් වී නොතිබුණි. ඒ ඔහු වෙඩි ප්‍රහාර හමුවේ ත්‍රීරෝද රථයෙන් පැන දිවගොස් ඇති බැවිනි.

මෙම වෙඩි තැබීම ගැන අවට පොලිස් ස්ථාන දැනුවත්කර මෙහෙයුමක් දියත්කරන විට වෙඩික්කරු පැමිණි මෝටර් රථය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයාගෙන තිබේ. එම රථයේ තිබී අංක අංක තහඩු දෙකක්ද වෙඩි තැබීමට යොදාගත් ටී 56 අවියද පිස්තෝලයක්ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here