තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලී වැඩි කිරීම ගැන IMF ප්‍රශංසාව

    පොලී වැඩි කිරීම ගැන IMF ප්‍රශංසාව

    පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකින් බැටකන ශ්‍රී ලංකාව, උද්ධමනය තනි ඉලක්කමට ගෙනඒම සඳහා කරන කැපවීම, පොලී අනුපාත ඉහළ දැමීමට ඊයේ ගත් තීරණයෙන් පෙන්නුම් කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල(IMF) පවසයි.

    උද්ධමනයට එරෙහිව සටන් කිරීම සඳහා පදනම් ලකුණු 100 කින් පොලී අනුපාත ඉහල නැංවීමට ශ්‍රී ලංකා මහබැංකුව ගත් පියවර විස්මිත බව පවසන IMF පෙන්වා දේ.

    මෙරට උද්ධමන අගය දැන් 50.6% ක් අගයක පවතී.

    ‘ශ්‍රී ලංකාවේ උද්ධමනය අඩුවෙමින් පවතින නමුත් තවමත් එය ඉතා ඉහළ මට්ටමක පවතී. එය දුප්පතුන්ට දැඩි පීඩාවක් එල්ල කරයි’ යනුවෙන් IMF නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    ශ්‍රී ලංකාව වසර හතරක් සඳහා වන විස්තීරණ අරමුදල් පහසුකම ලබාගැනීමේ කටයුතු අවසන් කිරීම සඳහා උත්සහ කරමින් සිටි.

    එම පහසුකම ලබාගැනීම උදෙසා මේ මාසයේදී IMF මාණ්ඩලික මට්ටමේ අනුමැතිය අපේක්ෂා කරන බව මහ බැංකු ප්‍රධානියා ඊයේ පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img