තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'ණය පියවීම් ගැන ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ගනිමු'- චීනය G20ට කියයි

    ‘ණය පියවීම් ගැන ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ගනිමු’- චීනය G20ට කියයි

    ගෝලීය ණය ප්‍රශ්නවලට හේතු පිළිබඳව සාධාරණ, වෛෂයික සහ ගැඹුරු විශ්ලේෂණයක් සිදු කරන ලෙස චීනය G20 රටවලින් ඉල්ලීමක් කරයි.

    මෙම ප්‍රශ්නය විස්තීර්ණ හා ඵලදායී වන අයුරින් විසඳන ලෙසත් චීනය ඊයේ වැඩිදුරටත් ඉල්ලා සිටියේ ය.

    චීනයේ මුදල් අමාත්‍ය ලියු කුන් මේ බව දැනුම් දුන්නේ, ඉන්දියාවේ බැංගලෝරයේ ඊයේ පැවති G20 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු ප්‍රධානීන්ගේ රැස්වීමකට එක්වෙමිනි.

    අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් දුසිම් ගනණකට ණය සහන ලබාදීමට චීනය කකුලෙන් අදින බවට පවසමින් අමෙරිකාව නැවත නැවතත් විවේචනය කර ඇත.

    චීනය ලොව විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියෙකි.

    ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ වාණිජ ණයහිමියන් ණය පියවීමේදී, ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමටත්, දැරීමට සිදුවන බර සාධාරණ විය යුතුය යන මූලධර්ම අනුගමනය කළ යුතු බව චීනය මතක් කර දී තිබේ.

    ජාත්‍ය්න්තර මුල්‍ය අරමුදල(IMF), ලෝක බැංකුව සහ G7 රටවල නිලධාරීන් අද දින G20 රැස්වීමට සමගාමීව නව IMF ගෝලීය ස්වෛරී ණය වටමේසයේ පළමු පුද්ගල සාකච්ඡා සඳහා රැස්වේ.

    G20 මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ පළමු රැස්වීම පෙබරවාරි 24 සහ 25 යන දිනවල පැවැත්වේ.

    ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මෙම සමුළුවේදී චීනයෙන් ඉදිරිපත් වන ස්ථාවරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ද අවධානයෙන් සිටී.

    ඒ මේ වනවිට අවසන් අදියරේ පසුවන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය සහනය උදෙසායි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img