Home උණුසුම් පුවත් ඉන්දියාවට යන්න ආ ගුවන් මගියාගේ ගමන් මල්ලේ පතොරම්

ඉන්දියාවට යන්න ආ ගුවන් මගියාගේ ගමන් මල්ලේ පතොරම්

0
ඉන්දියාවට යන්න ආ ගුවන් මගියාගේ ගමන් මල්ලේ පතොරම්

පිත්තල කිලෝ 25ක් රැගෙන ඉන්දියාව බලා යාමට පැමිණි ව්‍යාපාරිකයෙකුගේ ගමන් මල්ලෙහි තිබී ටී 56 අවිවලට යොදන පතොරම් කොපු 03ක් ඊයේ හමුවී ඇත.

ඒ අනුව එම ගුවන් මගියාව අත්අඩංගුවට ගත් ගුවන්තොටුපොල ආරක්ෂක අංශය ඔහුව ගුවන්තොටුපොල පොලිස් ස්ථානයට භාරදී තිබේ.

ග්‍රෑන්ඩ්පාස්, ඩිබොස් පටුමගේ පදිංචිකරුවෙක් වන ජේ.කොඩිස්වරන් (50) නැමැති ව්‍යාපාරිකයාව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

පතොරම් 03 තිබී ඇත්තේ ගුවන් මගියා විසින් ඉන්දියාවට රැගෙන යාමට ගෙනා පිත්තල කිලෝ 25 අතර තිබියදී බව ගුවන්තොටුපොල ආරක්ෂක අංශ සදහන් කරයි. එය හසුවී ඇත්තේ ස්කෑනරයකටය.

ඉන්දියාවට ගොස් රෙදි පිළි ඇතුළු විසිතුරු භාණ්ඩ මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව මෙම ව්‍යාපාරිකයා නිරතව සිටී. ඉන්දියාවට යන විට පිත්තල රැගෙන යනු ලබන්නේ ඉන්දියාවේදී පිත්තල මිලදී ගැනීමට ගැණුම්කරුවන් සිටින බැවින් යැයි ව්‍යාපාරිකයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

මෙම පිත්තල කිලෝ 25 ඔහු ලබාගත්තේයැයි පවසා ඇත්තේ පංචිකාවත්තේ ස්ථානයකිනි. එම ස්ථානය පොලීසිය පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ හිස් පතොරම් කොපු පවා මෙම ස්ථානයෙන් පිත්තල ලෙස මිලදී ගන්නා බවය. එම ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුවන්ගෙන් ඒ ගැන ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ පිත්තල බරට හිස් පතොරම් කොපු නීත්‍යානුකූල ලෙස මිලදී ගැනීම් කරන බවකි. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here