Home උණුසුම් පුවත් ඉසුරුපායේ උණුසුම් තත්ත්වයක්

ඉසුරුපායේ උණුසුම් තත්ත්වයක්

ඉසුරුපායේ උණුසුම් තත්ත්වයක්

බත්තරමුල්ල ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරයෙන් කඩාවැදුණු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් අධ්‍යාපන ඇමති වරයාගේ නිල කාමරය අසල මේ මොහොතේ විරෝධතාවයක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

ඉසුරුපාය ගොඩනැගිල්ලට ඇතුළුවන ප්‍රධාන ගේට්ටුවෙන් බලහත්කාරයෙන් ඇතුළු වූ එම විරෝධතා කරුවන් මීට පැය භාගයකට පමණ පෙර තුන්වැනි මහලට පිවිස අධ්‍යාපන ඇමැතිවරයාගේ නිල කාමරය පිහිටි පරිශ්‍රය ආසන්නයේ එම විරෝධතාවේ නිරත වන බව ද වාර්තා වේ.

විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් මොනවාදැයි පැහැදිලි නැතත් ඔවුන් මර්දනය කිරීම සඳහා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයිද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here