fbpx
තවත්
    මුල් පිටුවක්‍රීඩාජාතික මල්ලවපොර ශූරතා ඉතිහාසයේ එකම අපරාජිත සංචිතය මෙවරත් වාර්තාව රකියි

    ජාතික මල්ලවපොර ශූරතා ඉතිහාසයේ එකම අපරාජිත සංචිතය මෙවරත් වාර්තාව රකියි

    ජාතික මල්ලවපොර ශූරතා ඉතිහාසයේ එකම අපරාජිත සංචිතය ලෙස ඉතිහාසගත වෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා මල්ලවපොර ක්‍රීඩිකාවන් මෙවරත් ජයග්‍රහණයට ලැබීමට සමත් වී තිබේ.

    ඒ පසුගියදා පැවති 74 වැනි ජාතික මල්ලවපොර ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා මල්ලවපොර ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කරමිනි.

    74 වැනි ජාතික මල්ලවපොර ශූරතාවලිය 2023 පෙබරවාරි 18 සහ 19 යන දිනවල කොළඹ ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. ගුවන් හමුදා කාන්තා මල්ලවපොර ක්‍රීඩිකාවන් රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගනිමින් පිට පිටම 6 වැනි වරටත් ශූරියන් බවට පත් විය.

    ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කණ්ඩායම රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගනිමින් දෙවැනි අනුශූරතාව ද හිමිකර ගත්තේය.

    ජාතික මල්ලවපොර ශූරතාවලියට මෙවර බර කාණ්ඩ කිහිපයක් යටතේ තරග වැදුණු අතර ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළුව පිළිගත් ක්‍රීඩා සමාජ 20කට අයත් මල්ලවපොර ක්‍රීඩකයින් 300කට අධික සංඛ්‍යාවක් ඇතුළත් විය.

    අවසන් මහා තරග සහ ත්‍යාග ප්‍රදානෝත්සවය ද එම ස්ථානයේම පැවැත්වුණු අතර ඒ සදහා ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, ගුවන් හමුදා මල්ලවපොර සභාපති එයාර් කොමඩෝර් පීඊ ගුණවර්ධන, ගුවන් හමුදා මල්ලවපොර ලේකම් විංග් කමාන්ඩර් ඩබ්ලිව්ජීඑන්ඩී වැවකුඹුර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සම්මේලනයේ නිලධාරීන් පිරිසක් සහභාගි වි සිටින ලදි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.