Home COVID චීන එන්නතට WHO අනුමැතිය – මාත්‍රා ලක්ෂ 6ක් දැනටමත් ශ්‍රී ලංකාවේ

චීන එන්නතට WHO අනුමැතිය – මාත්‍රා ලක්ෂ 6ක් දැනටමත් ශ්‍රී ලංකාවේ

චීන එන්නතට WHO අනුමැතිය – මාත්‍රා ලක්ෂ 6ක් දැනටමත් ශ්‍රී ලංකාවේ

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් කොවිඩ් මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබාදී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, ටෙඩ්රෝස් ගේබ්‍රියසෙස් මීට සුලු මොහොතකට පෙර පැවසුවේ එම එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදුන් බවය.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු 6 වැනි කොව්ඩ් මර්දන එන්නත එය යි.

චීනයෙන් පරිත්‍යාග ලෙස ලද සිනමා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ පවතී.

මෙරට සිටින චීන ජාතිකයින්ට පමණක් එය භාවිත කෙරුණු අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබෙන තෙක් ශ්‍රී ලාංකිකයින්ට භාවිත නොකෙරුණි.

කෙසේ වෙතත් මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය ලැබී තිබීම නිසා සිනොෆාම් එන්නත ශ්‍රී ලාංකිකයින්ට භාවිත කිරීමට ඇරඹෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here