තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇස්ට්‍රාසෙනෙකා ගන්න ජනපති WHO ප්‍රධානී සමග සාකච්ඡාවක් - සිනෝෆාම් අනුමැතියත් අපේක්ෂාවෙන්

    ඇස්ට්‍රාසෙනෙකා ගන්න ජනපති WHO ප්‍රධානී සමග සාකච්ඡාවක් – සිනෝෆාම් අනුමැතියත් අපේක්ෂාවෙන්

    ඔක්ස්ෆර්ඩි ඇස්ට්‍රාසෙනෙකා එන්නත්‌
    මාත්‍රා ලක්ෂ 06ක්‌ මෙරටට ලබාගැනීම
    සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ
    ප්‍රධානි ටෙඩිරෝස්‌ ඇඩ්හානම් ග්‍රේබියේසස් සමග සාකච්ඡා කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

    මේ වන විට මෙරට ජනතාවට ලබාදී
    ඇති ඔක්ස්ෆර්ඩ්‌ ඇස්ට්‍රාසෙනිකා
    එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන්‌ ලක්ෂ
    06කට ආසන්න පිරිසකට එහි දෙවන
    මාත්‍රාව ලබාදීමට අවශ්‍ය එන්නත්‌
    ලබාගැනීම සමිබන්ධයෙන්‌ ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අතර ඔන්ලයින් සාකච්ඡාවක්‌ පවත්වා ඇත.

    ගෝලීය වශයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 20ක් දෙවන මාත්‍රාව සඳහා ලබාදීමට අවශ්‍ය වී ඇතැයිද ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

    එමෙන්ම ඉදිරි දෙක තුන තුළදී චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත කොවිඩ් ආසාදිතයින් සඳහා මෙරට හදිසි භාවිතයට අනුමත ලැබෙනු ඇති බවත් ජනාධිපතිවරයා කියා සිටී.

    ඒ අනුව එම අනුමැතිය ලැබීමෙන් පසුව දැනට රට තුළ පවතින ලක්ෂ හයක් වන සිනොෆාම් එන්නත් මාත්‍රා ජනතාවට ලබාදීමට ලබා දීමට හැකි වන බවට ද ජනාධිපතිවරයා අවධාරණය කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img