Home උණුසුම් පුවත් පොලිස් වෙසින් මංකොල්ලයකට සැරසුණු 4ක් කොටු

පොලිස් වෙසින් මංකොල්ලයකට සැරසුණු 4ක් කොටු

0
පොලිස් වෙසින් මංකොල්ලයකට සැරසුණු 4ක් කොටු

පොලිස් ලාංඡන සහිත පොලිස් නිලධාරීන්ගේ ක්‍රිඩා ඇදුමින් සැරසී මංකොල්ලකයට සූදානමින් මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයින් සිවි දෙනෙක් නිට්ටඹුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රී කාලයේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් සතුව තිබී අත්විලංගු යුවලක් සහ ව්‍යාජ වාහන අංක තහඩු තුනක්ද හමුවී තිබේ.

වයස අවුරුදු 25ත් 42ක් අතර පසුවන මෙම සැකකරුවන් නිට්ටඹුව, මුල්ලේරියාව, ගිංතොට සහ එල්ලක්කල පදිංචිකරුවන්ය.

නිට්ටඹුව මාඉඹල ප්‍රදේශයේ අපරාධ නිවාරණ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සැකකටයුතු පුද්ගලයින් සහ වාහන පරීක්ෂාවකට ලක්කරමින් සිටියදී මෙම කොල්ලකරුවන් ගමන්කරමින් සිටි මෝටර් රථය අහඹු පරික්ෂාවකට ලක්වීමෙන් ඔවුන් අත්අඩංගුවට පත්ව තිබෙන බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here