Home උණුසුම් පුවත් පාර්ලිමේන්තුව අසල උණුසුම් කළ පඬු පැහැ විරෝධය..

පාර්ලිමේන්තුව අසල උණුසුම් කළ පඬු පැහැ විරෝධය..

පාර්ලිමේන්තුව අසල උණුසුම් කළ පඬු පැහැ විරෝධය..

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහිව අද මහා සංඝරත්නය පාර්ලිමේන්තු පිවිසුම අසල දී විරෝධතාවයක නිරත වූහ.

භික්ෂූන් වහන්සේ පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට වැඩම කිරීමට උත්සාහ කිරීමත් සමඟ විරෝධතාවයට පොලිසිය බාධා කිරීම නිසා තරමක උණුසුම් තත්ත්වයක් හටගැනුනි.

මහා සංඝරත්නය අද (08) පෙරවරුවේ කෝට්ටේ පැරකුම්බා පිරිවෙන අසලින් මෙම විරෝධතා පාගමන ආරම්භ කර තිබූ අතර පොලීසියේ බාධා කිරීම් නොතකා භික්ෂූන් වහන්සේලා අඛණ්ඩව විරෝධතාවයේ නිරත වූහ.

අනතුරුව භික්ෂූන් වහන්සේ පාගමනින් දියත උයන පසුකරමින් පොල්දූව මංසන්ධිය දක්වා වැඩම කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here