තවත්
    මුල් පිටුවspecialභූමි කම්පාව අතරේ උපන් 'ආශ්චර්යයේ බිළිඳා' සුන්බුන් අතරින් පෙකණිවැල කපා බේරාගනී (📹)

    භූමි කම්පාව අතරේ උපන් ‘ආශ්චර්යයේ බිළිඳා’ සුන්බුන් අතරින් පෙකණිවැල කපා බේරාගනී (📹)

    තුර්කි – සිරියා දේශසීමාව ආශ්‍රිතව සිදුවූ ප්‍රබල භූමිකම්පාවෙන් කඩාවැටුණු සිය නිවසේ උපත ලබා සුන්බුන් යට සිරවී සිටි අලුත උපන් බිළිඳකු සිරියාවේ දී බේරාගෙන තිබේ.

    ඇයව බේරාගෙන ඇත්තේ මවගෙන් පෙකණිවැල කපාගෙන බව එරට වාර්තා පවසයි.

    දරුවා බේරාගෙන තිබුණේ භූ කම්පනයෙන් පැය 10කට පසුවයි.

    කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින උතුරු සිරියාවේ කුඩා නගරයක් වන ජින්ඩේරිස් හි තට්ටු හතරක මහල් ගොඩනැගිල්ලක සුන්බුන් වලින් දූවිලි වැසී ගිය අලුත උපන් බිළිඳා පිටතට ගන්නා ලදී.

    ‘දැරිය තවත් පැයක් ප්‍රමාද වූයේ නම්, ඇය මිය යනු ඇත,’ දරුවා රැකබලා ගන්නා වෛද්‍ය හනු මාරූෆ් පැවසීය.

    රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබල භූ කම්පනයෙන් ඇය සිටි ගොඩනැගිල්ලද සුන්බුන් බවට පත්ව ඇයගේ මව ඇතුළු පවුලේ සියල්ලෝම එහි සිරවී ජීවිතක්ෂයට පත්ව තිබුණි.

    සඳුදා වූ භූමිකම්පාවෙන් ඇලෙප්පෝ හි ඇයගේ පවුල විසූ නිවස සමතලා වී තිබුණි.

    ‘අපි සුන්බුන් අතර පුද්ගලයන් සොයන අතරතුර අපට හඬක් ඇසුණා’ බිළිඳාගේ ඥාති සොහොයුරා වන ඛලීල් අල්-සුවාඩි ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය.

    ‘අපි දූවිලි ඉවත් කර, පෙකණි වැල ඇති දරුවා සොයා ගත්තා, අපි එය කපා දැමූ පසුව මගේ ඥාති සහෝදරයා ඇයව රෝහලට ගෙන ගියා.’ යැයි ඔහු පවසා තිබේ.

    බිළිඳාගේ මව, පියා, සහෝදර සහෝදරියන් හතර දෙනෙකු සහ නැන්දා යන සියල්ලන්ම භූ කම්පනයෙන් ජීවිතක්ෂයට ලක්ව ඇති බව ඥාති සහෝදරයා ප්‍රකාශ කළ බව AFP වාර්තා කරයි.

    තුර්කියේ සහ සිරියාවේ බලධාරීන් විසින් යාවත්කාලීන කරන ලද තොරතුරු වලට අනුව, සඳුදා දින තුර්කියට බලපෑ ප්‍රබල භූමිකම්පා දෙකකින් පුද්ගලයන් 7,200 කට වැඩි පිරිසක් මිය ගොස් 24,000 ක් තුවාල ලැබූහ.

    පසු කම්පන සහ ශීඝ්‍ර කාලගුණික තත්ත්වයන් හේතුවෙන් බාධා එල්ල වී ඇති ගලවාගැනීමේ ප්‍රයත්න ඉදිරි දින දක්වා දික් වන බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img