තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්IMF ණය පිළිබඳ වටමේස සාකච්ඡාවකට චීන ලොක්කොත් ඉන්දියාවට

    IMF ණය පිළිබඳ වටමේස සාකච්ඡාවකට චීන ලොක්කොත් ඉන්දියාවට

    චීනයේ මුදල් අමාත්‍යවරයා, එහි මහ බැංකු අධිපතිවරයා, අනෙකුත් ණය හිමියන් සහ ඇතැම් ණය ගන්නා රටවල් සමඟ පෙබරවාරි මාසයේදී ඉන්දියාවේ පැවැත්වෙන වටමේස සාකච්ඡාවකට සහභාගී වීමට නියමිතව තිබේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පසුගියදා (5) CBS සම්මුඛ සාකච්ඡාවකදී මේ බව පැවසීය.

    “අඩු ආදායම් ලබන රටවලට ණය ගෙවිය නොහැකි නිසා චීනයට සිය ප්‍රතිපත්ති වෙනස් කිරීමට සිදු වී ඇතැයි” ඇය පැවසුවාය.

    “අපි කරන්නේ සියලුම ණය දෙන්නන්, දියුණු ආර්ථිකයන් ඇති සාම්ප්‍රදායික ණය දෙන්නන්, චීනය, සෞදි අරාබිය, ඉන්දියාව වැනි නව ණය දෙන්නන් මෙන්ම ණය දෙන පුද්ගලික අංශ, ණයගැති රටවල් සමඟ මෙම වටමේසයට කැඳවා සාකච්ඡා කිරීමටයි.”

    ජෝර්ජිවා පසුගිය මාසයේදී පැවසුවේ එවැනි ආකාරයේ පළමු රැස්වීම ඉන්දියාවේ දී මූල්‍ය නිලධාරීන් 20කගේ පමණ කණ්ඩායමක රැස්වීමකට සමගාමීව සිදුවන බවයි.

    “චීන මුදල් අමාත්‍යවරයා සහ චීන මහජන බැංකුවේ අධිපතිවරයාගේ මට්ටමින් මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිතයි,” ඇය CBS වෙත පැවසුවාය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img