තන්තිරිමලේ පොලිස් වසමේ පිහිටි නිල්මල්ගොඩ වැවේ දිය නාමින් සිටි කාන්තාවක් කිඹුලෙකු විසින් අද උදෑසන ඩැහැගෙන ගොස් ඇත.
එම අවස්ථාවේදී දිය නාමින් සිටි තවත් පිරිසකගේ කෑගැසීම් හඩින් ප්‍රදේශවාසීන් එහි පැමිණ කිඹුලා ඩැහැගෙන යමින් සිටි කාන්තාව බේරාගෙන තන්තිරිමලය රෝහලට ඇතුලත්කර තිබේ.
තන්තිරිමලය රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කරනු ලැබුවේ 74 හැවිරිදි වියැති මෙම කත රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බවය.