තවත්
    මුල් පිටුවspecialහැත්ත-පස්වන නිදහස

    හැත්ත-පස්වන නිදහස

    අමරබන්දු තකහනියේ දිව විත් ලන්දේ පදුරකට මුවා වී ඉද ගත්තා පමණි. ලන්ද උඩින් පා වී යන්නට වූ කාල තුවක්කුව දැක හෙතෙම කොරනට හිදගත් කාරියද මොහොතකට අමතක වී ගියේය. එහෙයින් ඔහු මදක් ඉස්සී බැලුවේය. “කාලතුවක්කු කොහෙ පාවෙන්නද” ඔහු තමන්ටම පවසා ගත්තේ කාලතුවක්කුව අපහසුවෙන් කරගහගෙන යන වයෝවෘද්ධ මිනිසා දැකීමෙනි.

    “කවුද යකෝ මේ” අමරබන්දු හට ඉබේටම කියැවිනි. ඉන් ඇතිවූ කුතුහලය හේතුවෙන් ඔහු කරන්නට ආ රාජකාරියද පසෙක ලා මේ කාලතුවක්කු භටයා කවුරුන්දැයි සොයන්නට යුහුසුළු වූයේය.

    කළු කෝට් බෑයත්, ඉණ පහළින් ඇද වැටෙන්නට ඔන්න මෙන්න මෙන් රැදුනු කළිසමත්, බෙල්ලේ එල්ලෙන ටයි පොල්ලත් දුටු අමරබන්දුගේ මනසට එක්වර පැමිණියේ සුපුරුදු මිනිසකුගේ රුවකි. ඔහු එක්වර කාල තුවක්කුව කර තබන් යන්නා හදුනගත්තේය.

    “හප්පොච්චියේ… මේ අපේ අටවන ජනපතිතුමානෙ” එක්වර අමරබන්දු හට කියැවින. ඒ සමගින් ඔහු දෙස හැරුණු අටවන ජනපතිගේ මුහුණේ දිස් වූයේ බලවත් නොරිස්සුමකි.

    “අයිෂෙ අමරබන්දු.. තමුසෙටත් මගෙ වැඩ ගැන හොයනව ඇරෙන්න වෙන රාජකාරි නැද්ද මිනිහෝ” හෙතෙම කෑගෑවේය.

    “අනේ තරහ අවසර, මම මේ ලන්දට වැදිල පාඩුවේ මගෙ වැඩක් කරං ඉන්දෙදි ඔබ තමුන්නාන්සෙනෙ මගෙ ඇස් දිෂ්ඨිය ඉස්සරහෙන් යන්නේ, එහෙව් එකේ සැප දුක අහන එක හිංගල අපේ පුරුද්ද නොවැ” අමරබන්දු පැවසුවේ යාප්පුවෙනි.

    “තමුසෙලට මගෙ ඕපා දූප හොයනව ඇරෙන්න වෙන වැඩ නැහැ” අටවන ජනපති නැවතත් බෙරිහන් දුන්නේ කේන්තියෙන් ඉනූ ලේ හේතුවෙන් රතු කොටගත් තොල් සගලද සහිතවය. එය එතුමන්ගේ මුහුනතට එක් කළේ අමුතුම හැඩයකි.

    “අනේ තරහ අවසර, ඒත් කාලතුවක්කුවක් කරපින්නාගෙන ඔය ඇත්තො කොහෙද මේ රූටන්නේ, කාට හරි ගිණි පිඹින්නද” අමරබන්දු විමසුවේ අටවන ජනපතිගේ උරපත්තේ වූ කාල තුවක්කුව දෙස බලමිනි.

    “තමුසෙට පිෂ්ෂුද මිනිහෝ.. වටේ ඉන්න එවුන්ට ගිණි පිඹින්න කාල තුවක්කු ඕනෙද? මම මේ නිදහස් දින උත්සවයට ගෝල් ෆේස් එකේ රිහර්සල් යන ගමන්” අටවන ජනපති කීවේ ගර්වයක් මුහුනේ රදවා ගනිමිනි. තුන් වේල හරි හැටි කන්න නැතුව බඩ පොත්තට ඇලුණු තම බඩ දෙස බලමින්ම අමරබන්දු අටවන ජනපති කියූ දෙයින් විමතියට පත් විය.

    “තරහ අවසර.. ඒත් සෑර් ඔය වැඩේට විසාල වියදමක් යනව නොවැ” අමරබන්දු අටවන ජනපතිගෙන් විමසුවේ බය පක්ෂපාතීවය.

    “වියදම වගේද මිනිහෝ නම්බුව” ජනපති ගිගුම් ලෑවේය.

    “ඒ කියන්නේ නිදහස් උත්සවය සමරන්න අපිට සල්ලි නැතැයි කියාල ලෝක බලවත්තු හිතයි කියලද” එවර අමරබන්දු ඇසුවේ තුෂ්ණිභූතවය.

    “නැහැ අයිෂෙ ඒ කතාව මම කිව්වේ රටේ මිනිස්සුනටයි මගෙ කැබිනට් එකේ ඉන්න එහෙයියන්නටයි ඇහෙන්න.

    ජනපති දිගටම කියවාගෙන ගියේය.

    “මම තමුසෙට නිසා සීක්‍රට් එකක් කියන්නං” කියමින් අටවන ජනපති අමරබන්දුට කිට්ටු වූයේ උරපතෙහි වූ කාලතුවක්කුවද මදකට බිමින් තබමිනි. එහෙයින් ඒ රාජ්‍ය රහස දැන ගැනීමේ අටියෙන් අමරබන්දුද තම කණක් අටවන ජනපති දෙසට කිට්ටු කළේය.

    “මම ඔය කණා ෂොට් එකකින් ජනාධිපති වුනාවගේ මගෙ බකට් ලිස්ට් එකේ කාලයක් තිස්සෙ තිබ්බ ඩ්‍රීම් එකක් ඕයි ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ එකේ ප්‍රසිඩන්ට් විදිහට ගිහිල්ල හමුදා උත්තමාචාර ලබන එක. ඒක කරගත්තහම මට නිදහසේ මැරෙන්න පුළුවන්” යැයි පැවසූ ජනපති සැහැල්ලු හුස්මක් පිට කළේය. එය ඇසූ අමරබන්දුද සිය විශ්මය මුසු කේන්තියද එතුමන් සමගින් හුස්මක් ලෙස වා තලයට මුදා හැරියේය.

    තිලංග ෆොන්සේකා

    තිලංග ෆොන්සෙකාගේ වෘත්තීය දිවිය ඇරඹෙන්නේ මීට දශක දෙකකට ආසන්න කාලයකදී ලක්බිම පුවත් පතේ ජනමාධ්‍යවේදියෙකු වශයෙනි. සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යය තුල නිපුණතාවය ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍යය ප්‍රතිපත්ති පිළිබදව ගෞරව උපාධිධාරියෙකි. එසේම ඔහුගේ නීති අධ්‍යාපනය සම්පූර්ණවන්නේ නවසීලන්තයේ වයිකැටෝ විශ්වවිද්‍යාලයෙනි. නවසීලන්තයේත් ඔස්ට්‍රේලියාවේත් නීති වෘත්තියේ නියැලෙන ඔහු වත්මන වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරය. ජනමාධ්‍යවේදියෙක්, නීතිවේදියෙක්, දේශපාලන විශ්ලේෂකයෙක් මෙන්ම සමාජයීය විද්‍යා පර්යේෂකයෙක් ලෙස ඔහු ලද අත්දැකීම් අනුසාරයෙන් සැකසෙන "අමරබන්දුගේ වාඩිය" කොලම යම් හාස්‍යයක් කැටිකොටගත් සමාජය පිළිබදව දිග හැරෙන්නාවූ සමබර දේශපාලන විමසුමකි.

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    තිලංග ෆොන්සේකා
    තිලංග ෆොන්සේකා
    තිලංග ෆොන්සෙකාගේ වෘත්තීය දිවිය ඇරඹෙන්නේ මීට දශක දෙකකට ආසන්න කාලයකදී ලක්බිම පුවත් පතේ ජනමාධ්‍යවේදියෙකු වශයෙනි. සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යය තුල නිපුණතාවය ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍යය ප්‍රතිපත්ති පිළිබදව ගෞරව උපාධිධාරියෙකි. එසේම ඔහුගේ නීති අධ්‍යාපනය සම්පූර්ණවන්නේ නවසීලන්තයේ වයිකැටෝ විශ්වවිද්‍යාලයෙනි. නවසීලන්තයේත් ඔස්ට්‍රේලියාවේත් නීති වෘත්තියේ නියැලෙන ඔහු වත්මන වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරය. ජනමාධ්‍යවේදියෙක්, නීතිවේදියෙක්, දේශපාලන විශ්ලේෂකයෙක් මෙන්ම සමාජයීය විද්‍යා පර්යේෂකයෙක් ලෙස ඔහු ලද අත්දැකීම් අනුසාරයෙන් සැකසෙන "අමරබන්දුගේ වාඩිය" කොලම යම් හාස්‍යයක් කැටිකොටගත් සමාජය පිළිබදව දිග හැරෙන්නාවූ සමබර දේශපාලන විමසුමකි.

    1 Comment

    1. හාස්‍ය ජනක සිදුවීමක් ලෙස ඉදිරිපත් වුවද අපට අද සිනහ වෙන්න බැහැ,අවුරුදු 75 හි කෙරුවාවෙන් උපන් අපගමනයක් නේද මේ !!!

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img