Home උණුසුම් පුවත් ණය ගෙවන්න ශ්‍රී ලංකාවට දෙන සහනය ගැන චීනයෙන් සහතිකයක්

ණය ගෙවන්න ශ්‍රී ලංකාවට දෙන සහනය ගැන චීනයෙන් සහතිකයක්

ණය ගෙවන්න ශ්‍රී ලංකාවට දෙන සහනය ගැන චීනයෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවට ණය ආපසු ගෙවීම සඳහා සිය අපනයන-ආනයන බැංකුව විසින් වසර දෙකක කාලයක් සඳහා අවසර ලබාදෙන බව චීනය අද (03) තහවුරු කර තිබේ.

මාධ්‍ය හමුවක් අමතමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් පැවසුවේ නිල ද්විපාර්ශ්වික ණයහිමියා ලෙස එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට මූල්‍ය ආධාර ලේඛනයක් ලබා දී ඇති බවයි.

ඇය පෙන්වාදෙන්නේ එක්සිම් බැංකුව විසින් 2022 සහ 2023 වසරවල දී ශ්‍රී ලංකාවට ගෙවිය යුතු ණය සේවාවේ දිගුවක් ලබා දෙනු ඇති බවය. එය මෙරට කෙටි කාලීන ණය ආපසු ගෙවීමේ පීඩනය ලිහිල් කිරීමට උපකාරී වන බව ඇය කියාසිටී.

මෙයින් අදහස් කරන්නේ ඉහත සඳහන් කළ කාල සීමාව තුළ බැංකුවේ ණයවල මූලික හා පොලී ගෙවීමට ශ්‍රී ලංකාවට සිදු නොවන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය කියාසිටියේ, චීනයේ එක්සිම් බැංකුව මෙම කාලසීමාව තුළ මධ්‍ය කාලීන සහ දිගුකාලීන ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ මිත්‍රශීලී උපදේශනයක් පැවැත්වීමට කැමැත්තෙන් පසුවන බවය.

එමෙන්ම මෙරට ණය තිරසාරභාවයට දායක වීමට බැංකුව උපරිම උත්සාහයක් ගන්නා බව ද ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ පවතින හදිසි තත්ත්වය පිළිබඳව පූර්ණ අවධානය යොමු කරන ලෙසත්, රටේ ද්‍රවශීලතා ආතතියෙන් මිදීම සඳහා හැකි ඉක්මනින් ණය ආධාර ලබා දෙන ලෙසත් චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here