Home උණුසුම් පුවත් දිළින්දන්ගේ වකුගඩු විකිණිමේ ජාවාරමට සම්බන්ධ තවත් තැරැව්කරුවෙක් අල්ලයි

දිළින්දන්ගේ වකුගඩු විකිණිමේ ජාවාරමට සම්බන්ධ තවත් තැරැව්කරුවෙක් අල්ලයි

0
දිළින්දන්ගේ වකුගඩු විකිණිමේ ජාවාරමට සම්බන්ධ තවත් තැරැව්කරුවෙක් අල්ලයි

බොරැල්ලේ පිහිටි පෞද්ගලික රෝහලක් කේන්ද්‍රකරගෙන සිදුව ඇති වකුගඩු ජාවාරම ගැන විමර්ශන පවත්වන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊට සම්බන්ධ තැරැව්කරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලම්පිටිය මෙගොඩ කොලොන්නාවේ පදිංචිකරුවෙක් වන මොහොමඩ් සාකීර් නැමැත්තාව මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන බව කොළඹ අපරාධ කොට්ඨාශය කියයි.

මෙම පුද්ගලයාව ඊයේ සවස අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කොළඹ අපරාධ කොට්ඨාශය මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 03කි. ඔවුන් තිදෙනාම තැරැව්කරුවන්ය.

දිළිඳු පවුල්වල ජනතාව මුලාකරමින් මෙම වකුගඩු ජාවාරම සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here