මුල් පිටුව උණුසුම් පුවත් දිගටම කපනවා -CEB : කැපුවොත් කියන්න -PUCSL

දිගටම කපනවා -CEB : කැපුවොත් කියන්න -PUCSL

0

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ දී විදුලි කප්පාදුවකට මුහුණ පෑමට සිදුවුවහොත් පැමිණිලි කරන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඒ අනුව 0775 687 387 යන අංකයට වට්සැප් මගින් හෝ 0112 392 641 දුරකතන අංකයට ෆැක්ස් මගින් පැමිණිලි සිදු කළ හැකිය.

මීට අමතරව Consumers@pucsl.gov.lk යන විද්‍යුත් තැපැල ඔස්සේ ද පැමිණිලි යොමු කර හැකි බවත් මෙම පැමිණිලි ලිඛිතව ඉදිරිපත් කරන ලෙස එම කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේය.

මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ විභාග දිනවල විදුලි කප්පාදුව සිසුදරුවන් තුන්ලක්ෂයකට අධික පිරිසකගේ අයිතිවාසිකම් උල්ලංඝනයක් බව බැවින් ලංවිම ඉල්ලීම පිළිගත නොහැකි බවයි.

මේ අතර, විදුලි ඉල්ලුම කළමනාකරණ වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාමට ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලය මෙම තීරණය ඊයේ (27) මහජන උපයෝගිතා කොමිසම වෙත ද දන්වා ඇති බව ද සඳහන් ය.

මේ දිනවල පැවැත්වෙන උසස්පෙළ විභාගය ලබන 17 වන දා දක්වා පැවැත්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version