මුල් පිටුව උණුසුම් පුවත් නගර සභා හිටපු උප සභාපතිවරයෙක් කුඩුත් එක්ක අල්ලයි

නගර සභා හිටපු උප සභාපතිවරයෙක් කුඩුත් එක්ක අල්ලයි

0

කටුනායක – සීදූව නගර සභාවේ හිටපු උප සභාපති ලලිත් රොහාන් සිල්වා හෙරොයින් සමඟ බඩල්ගම පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

දූනගම පත්තිනි දේවාලය අසලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 16යි මිලිග්‍රෑම් 240ක් සමගිනි.

අවුරුදු 52ක් වයසැති මෙම හිටපු උපසභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් උප සභාපති ලෙස කටයුතු කළ අයෙකි.

පොලීසිය පවසන්නේ ඔහු සීදූව ලියනගේමුල්ලේ පදිංචිකරුවෙක් බවය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version