මුල් පිටුව උණුසුම් පුවත් ආයතන 55කින් විදෙස් ගමන් බලපත්‍රය ඔන්ලයින්

ආයතන 55කින් විදෙස් ගමන් බලපත්‍රය ඔන්ලයින්

0

මේවනවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් ඇතුළු ආයතන 55කින් මාර්ගගතව (Online) විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා පහසුකම් සලසන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. 

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ, මාර්ගගතව අයැදුම්පතක් යොමුකර, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඇඟිලි සළකුණු ලබාදීමෙන් දින 3ක් ඇතුළත විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීමට හැකියාව ඇති බවයි.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙකුට ද තානාපති කාර්යාලය වෙත ගොස් ඇඟිලි සළකුණු ලබාදී මාර්ගගතව විදෙස් ගමන් බලපත්‍ර අයැදුම්පතක් යොමු කිරීමට පහසුකම් සලසන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම ගෝල්ඩන් පැරඩයිස් නමින් නව වීසා වැඩසටහනක් ද ක්‍රියාත්මක බවද හෙතෙම පවසයි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version