තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්GOSSIPපැරිස් ෆැෂන් වීක් 2023 හැඩකළ උඩුයටිකුරු විලාසිතා

    පැරිස් ෆැෂන් වීක් 2023 හැඩකළ උඩුයටිකුරු විලාසිතා

    විලාසිතා ලෝකයේ අතිශය ජනප්‍රිය, පැරිස් ෆැෂන් වීක් 2023 පෙරේදා පැවැත්වුණේ ලොව පුරාම වේගයෙන් ඡායාරූප හුවමාරුවෙමින් ද කතාබහට සහ විනෝදයට ද ලක්වෙමිනි.

    මෙවර Viktor & Rolf විසින් ඉදිරිපත් කරන ලද මෙම වසන්ත-ගිම්හාන 2023 විලාසිතා දැක්මට සහභාගි වූ කාගෙත් එහි විලාසිතා දෙස සිනාමුසු මුහුණින් හා උද්යෝගයෙන් බලාසිටිනු දැකිය හැකි විය.

    මෙහිදී නිරූපිකාවන් හැඳසිටියේ Corset යටඇඳුම් පමණක් වන අතර, Viktor & Rolf විලාසිතාවන් සියල්ල ඔවුන්ගේ යටඇඳුමට සවිකර තිබෙනු දැකගත හැකිවූවා මිස ඔවුන් ඒවා හැඳ සිටියේ නැත.

    Viktor & Rolf

    උඩු යටිකුරු කරන ලද සහ සෑම දිශාවකටම හරවන ලද විවිධ වර්ණයෙන් යුත් විශාල ඇඳුම් සිරුරට සවිකරගෙන නිරූපිකාවෝ වේදිකාව මත ඇවිද ගියහ.

    සමහර ඇඳුම් තිරස් අතට හෝ උඩ යට මාරුකොට සිරුරට සවිකර තිබුණේ නිරුපිකාවන් හැඳ තිබූ Corset යට ඇඳුමට ය.

    එක් නිරූපිකාවක් සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු ඇඳුමකින් යුතුව ඇවිද ගිය අතර, තවත් අයෙකුගේ ඇඳුම, උකුලට සවි කර ඇවිද ගියේය.

    මෙය විචිත්‍රවත් සංදර්ශනයක් වූ අතර විලාසිතා දැක්මේ පින්තූර වීඩියෝ ඉක්මනින් සමාජ මාධ්‍ය හරහා පැතිර ගියේය.

    විචාරකයින් බොහෝ දෙනකු එය හඳුන්වා තිබුණේ ‘හොඳම විකාර’ සහ ‘උමතුවේ හොඳම එක’ වැනි හැඳින්වීම්වලිනි.

    Viktor & Rolf යනු 1993 දී Viktor Horsting සහ Rolf Snoeren විසින් ප්‍රංශයේදී ආරම්භ කරන ලද නෙදර්ලන්තය පදනම් කරගනිමින් වර්තමානයේ ක්‍රියාත්මක සුඛෝපභෝගී විලාසිතා නිර්මාණ සමාගමකි.

    වසර විස්සකට වැඩි කාලයක් විලාසිතා ක්ෂේත්‍රය් සිය සන්නාමය පවත්වා ගනිමින් සිටින වික්ටර් සහ රෝල්ෆ් පවසන්නේ, සිය විලාසිතා ඔස්සේ විලාසිතා පිළිබඳ සෑම ආකාරයේම පූර්ව නිගමනවලට අභියෝග කිරීමටත් සහ විලාසිතා සහ කලාව අතර භේදය ඉවත් කිරීමටත් උත්සාහ කර ඇති බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img