fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු කාමරය බින්ඳ කුඩ්ඩෝ 2ක් අත්අඩංගුවට

    සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු කාමරය බින්ඳ කුඩ්ඩෝ 2ක් අත්අඩංගුවට

    සපරගමුව මහා සමන් දේවාලයේ පඬුරු කාමරයට වහලේ උළු ඉවත්කර ඇතුළු වී එහි තිබුණු පඩුරු මුදල් සොරකම් කිරීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අද අලුයම් කාලයේදී රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඒ ඔවුන් දෙදෙනා නැවත වරක් වහලයෙන් පඩුරුකාමරයට ඇතුළු වීමට අද අලුයම සූදානම් වූ අවස්ථාවේදී ඒ බව දේවාලයේ මුරකරු දැක පොලීසිවය දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබේ.

    සමන් දේවාල භුමියේ ඇති වැසිකිලිය පිරිසිදු කිරීමේ කම්කරුවෙක් සහ බලංගොඩ මහජන පොලේ සපත්තු මැසීමේ නිරතව සිටින බලංගොඩ පදිංචිකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් දෙදෙනාම මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින අය බව පොලීසිය කියයි.

    2022 වසරේ දෙසැම්බර් 30 වෙනිදා රාත්‍රී කාලයේදීත් පසුගිය 09 වෙනිදාත් ඔවුන් දෙදෙනා සහ තවත් අයෙක් දේවාලයේ පඩුරු කාමරයට ඇතුළු වී ලක්ෂයකට අධික මුදලක් සොරාගෙන ඇති බව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ බව පොලීසිය කියයි. එම මුදල් සියල්ලක්ම මත්කුඩු භාවිතයට වැයකල බවද ඔවුන් පවසා ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.