මුල් පිටුව special යුරෝපයේ හොඳම යුදටැංකි යුක්‍රේනයට

යුරෝපයේ හොඳම යුදටැංකි යුක්‍රේනයට

0

යුක්‍රේනයට සහය පළකරන රටවල් සති කීපයක කාලයක පටන් සිදු කළ ඉල්ලීම් වලින් අනතුරව ජර්මනිය  විසින් යුරෝපා රටවල් භාවිතා කරන නවීනතම යුද ටැංකිය වන ලෙපරඩ් 2 යුක්‍රේනයට ලබාදීමට එකඟතාව පළකර තිබේ.

ජර්මිනිය විසින් නිෂ්පාදනය කරනු ලබන මෙම යුධ ටැංකි සතු අනෙකුත් යුරෝපා රටවල් වලටද එම යුද ටැංකි යුක්‍රේනයට යැවීමට ජර්මනිය විසින් එකඟතාව පළකර ඇත. ඉකුත් වසරේ පෙබවාරි මාසයේදී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව රටවල් තිහකට අධික සංඛ්‍යාවක් යුක්‍රේනයට අවි සැපයීමට පියවර ගෙන තිබණි.

එ් අනුව එක්සත් ජනපදය පසුගිය සතියේ සන්නද්ධ වාහන ඇතුළුව ඩොලර් බිලියන 2.5 වටිනා යුද සහයක් ලබාදීමට එකඟතාවය ප්‍රකාශ කළේය.

යුක්‍රේනය විසින් පසුගිය කාලය පුරාවට යුරෝපා කළාපයේ තමන්ට නවීන යුධ ටැංකි ලබාදෙන ලෙසට ඉල්ලා සිටියදී ඊට ජර්මිනිය විසින් සිය අකැමැත්ත පළකර තිබිණි.

කෙසේ වෙතත් මේවන විට නේටෝ සංවිධානය විසින් යුක්‍රේනයට විශාල වශයේ අවි ලබාදී ඇති අතර එහිදී නවීන ගුවන් ආරක්ෂක පද්ධිතිද ඇතුලත්ය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවයන් පවස්නේ යුක්‍රේන ගැටුම් මේවන විට නේටෝව සහ රුසියාව අතර ඇතිවන ගැටුමක් බවට පත්ව ඇති බවයි. මේ අතර රුසියාව විසින් පසුගියදා ප්‍රකාශ කර සිටියේ තමන් ඕනෑම ප්‍රතිරෝධයකට මුහුණ දීමට සූදානම් බවයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version