Home උණුසුම් පුවත් බට්ටා ලොරි තට්ටුවේ රහස් කුටියක් – අධිබල පුපුරණ ‍ද්‍රව්‍ය තොගයක් හංගලා

බට්ටා ලොරි තට්ටුවේ රහස් කුටියක් – අධිබල පුපුරණ ‍ද්‍රව්‍ය තොගයක් හංගලා

0
බට්ටා ලොරි තට්ටුවේ රහස් කුටියක් – අධිබල පුපුරණ ‍ද්‍රව්‍ය තොගයක් හංගලා

බට්ටා ලොරි රථයක තට්ටුවේ රහස් කුටියක් සකස්කර ඒ තුළ සඟවා අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් මන්නාරමට රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් ලොරි රථයද සමඟ කුරුණෑගල හලාවත මාර්ගයේ විලත්තව ප්‍රදේශයේ මාර්ග බාධක ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් කණ්ඩායමක් විසින් අද (24) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

ඉතා සූක්ෂම ලෙස සැඟවූ එම පුපුරණ ද්‍රව්‍ය තොගය හසුවී ඇත්තේ මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් ලොරි රථය සියුම් ලෙස පරීක්ෂා කිරීමේදී ය.

බැලූ බැල්මට එම ලොරි රථයේ රහස් තට්ටුවක් දක්නට නැති බව පොලීසිය කියයි. ලොරි රථයේ රියදුරු සහ රිය සහයකගේ හැසිරීම ගැන සැක සිතා ඉතා ඕනෑකමින් පොලිස් නිලධාරීන් එම රථය පරීක්ෂා කිරීමේදී රහස් කුටිය හමුවී ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

ජෙලට්නයිට් නැමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය පිරවූ අගල් 08 ක් දිග හා වට අගල් 03ක ප්ලාස්ටික් බට 89ක් පිපිරවීම් සඳහා යොදා ගන්නා සේවා නූල් අඩංගු ඇසුරුම් 21ක්, බෝම්බ පිපිරවීමට යොදා ගන්නා විද්‍යුත් ඩෙටනේටර් 900ක් අඩංගු පෙට්ටි 09ක් එම රහස් කුටීයේ සඟවා තිබී ඇත.

සැකකරුවන් දෙදෙනා මන්නාරම සිලාවතුරේ පදිංචිකරුවන්ය. ඔවුන් අවුරුදු 33ක් සහ 44ක් වයසැති අයයි.

ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් පවසා ඇත්තේ තමන්ට මෙම පුපුරණ ද්‍රව්‍ය ලැබුනේ කුරුණෑගලින් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here