Home උණුසුම් පුවත් මාර්තු 09 ඡන්දෙට කොමිසම මුදල් ඉල්ලයි

මාර්තු 09 ඡන්දෙට කොමිසම මුදල් ඉල්ලයි

0
මාර්තු 09 ඡන්දෙට කොමිසම මුදල් ඉල්ලයි

පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව අද (24) දින මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිත ඉල්ලීමක් කිරීමට නියමිතව ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ඇතුළු කොමිෂන් සභාවේ නියෝජිතයෝ මෙම ඉල්ලීම ඉදිරිපත් කරති.

මාර්තු 09 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සුදානමක් පවතින බවට තහවුරු නොවූ තොරතුරු මීට පෙර වාර්තා වී තිබිණි. කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය පැවැත්විමේ හැකියාව ඊට අදාළ මුදල් ඉල්ලීම මත තීරණය වන තත්ත්වයක් නිර්මාණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් බෙදුණු අදහස් ප්‍රකාශ කර ඇත. මුදල් නොමැතිව ඡන්දය කල් යන බවට පළවන අදහස් මෙන්ම, පළාත් පාලන මැතිවරණයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බවටත් එවැනි අදහස් පළ වෙමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here