තවත්
    මුල් පිටුවspecialඩිජිටල් සිත්තමෙන් හැඩවෙන ලෝක කුසලාන යෞවනියෝ..

    ඩිජිටල් සිත්තමෙන් හැඩවෙන ලෝක කුසලාන යෞවනියෝ..

    අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පළමු වතාවට සංවිධානය කරන 19 පහළ විස්සයි 20 කාන්තා ලෝක කුසලානය මේ වනවිට දකුණු අප්‍රිකාවේ පැවැත්වෙයි.

    ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායම ද මෙම තරගාවලියේ ඒ කාණ්ඩයෙන් තරග වැදී සිටියි. ඔවුන් අමෙරිකා එක්සත් ජනපද 19 පහළ කාන්තා කණ්ඩායම පළමු තරගයේ දි පරාජයට පත් කළ අතර දෙවැනි තරගයේ දි තියුණු තරගයක් දි බංග්ලාදේශය හමුවේ පරාජයට පත්විය.

    මෙම තරගාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායමට තීරණාත්මක තරගයක් හෙට (18) දින ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙයි. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ඒ කාණ්ඩය යටතේ තරග වදින අවසන් තරගය ද මෙය වෙයි.

    19 පහළ විස්සයි 20 කාන්තා ලෝක කුසලානයක් පළමු වරට පැවැත්වෙන නිසා ලොව පුරා නිර්මාණ කරුවන් ද ඒ සම්බන්ධයෙන් දෑස් යොමා සිටියි. ඩිජිටල් සිතුවම් ඔස්සේ නව මානයක් සොයායන ඉනොවැෂන් ඩිජිටල් ආර්ට් (Innovation Digital Art) නුවන් තරංග වික්‍රමගේ විසින් ලෝක කුසලානයට තරගවදින කණ්ඩායම හා එම කණ්ඩායම්වල නායිකාවන් ඔහුගේ ඩිජිටල් ඇසින් සිතුවම් කරනු ලැබ තිබුණේ මෙසේය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img