Home උණුසුම් පුවත් QR කේතයට පිටින් තෙල් දුන් ෂෙඩ් කිහිපයක් අත්හිටුවයි

QR කේතයට පිටින් තෙල් දුන් ෂෙඩ් කිහිපයක් අත්හිටුවයි

QR කේතයට පිටින් තෙල් දුන් ෂෙඩ් කිහිපයක් අත්හිටුවයි

ඉන්ධන බෙදා හැරීමේදී ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමය අනුගමනය නොකරන ඉන්ධන පිරවුම්හල් ගණනාවක සේවය අත්හිටුවීමට තීරණය කර තිබේ.

විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්ධන ඇනවුම් කිරීම සහ බෙදාහැරීම පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ නිලධාරීන් සමග ඊයේ(16) පැවැත්වූ ප්‍රගති සමාලෝචන හමුවේදී මෙම තීරණය ගෙන ඇත.

ඊයේ වන විට ලංකා විදුලිබල මණ්ඩලයෙන් අය විය යුතු රුපියල් බිලියන 105ක මුදල කඩිනමින් අය කර ගැනීමටත්, අඛණ්ඩව ඉන්ධන සැපයීම සිදු කිරීමට සහ පිරිපහදුව ක්‍රියාත්මකව පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here