Home උණුසුම් පුවත් දිය නාමින් සිටි දරුවන් දෙදෙනෙකුට සාජන්ගෙන් අතවර

දිය නාමින් සිටි දරුවන් දෙදෙනෙකුට සාජන්ගෙන් අතවර

0
දිය නාමින් සිටි දරුවන් දෙදෙනෙකුට සාජන්ගෙන් අතවර

වලස්මුල්ල ඕලුආරේ කොට්ටම්ඹ ඔයේ දිය නාමින් සිටි 15 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකුට අපයෝජනයක් කලේ යැයි කියනු ලබන පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

මෙම පොලිස් සැරයන්වරයාව ඊයේ (15) වලස්මුල්ල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම දරුවන් දෙදෙනා දිය නාමින් සිටියදී පොලිස් සැරයන්වරයාද ඔයට බැස දිය නාමින් සිටියදී දරුවන් දෙදෙනාට අතවර කරනු ලැබුවේ ජලයේ සිට බව එම දරුවන් පොලීසියට කර ඇති පැමිණිල්ලෙහි සඳහන්වේ.

මෙම පොලිස් සැරයන්වරයා වලස්මුල්ල ගංඉමහේනේ ඕලු ආරේ පදිංචිකරුවෙක් බවත් අතවරයට ලක්වූ බව කියන දරුවන්ගේ අසල්වැසියෙක් බවත් පොලීසිය කියයි.

මෙම පොලිස් නිලධාරියා ඔකේවෙල පොලිස් ස්ථානයට අනුයුක්තන සේවයේ නිරතව සිටින්නෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here