Home උණුසුම් පුවත් 30 වැනි මහලේ සාදයට පොලීසිය පනී – නීති ශිෂ්‍යාවක් ඇතුළු 4ක් අත්අඩංගුවට

30 වැනි මහලේ සාදයට පොලීසිය පනී – නීති ශිෂ්‍යාවක් ඇතුළු 4ක් අත්අඩංගුවට

0
30 වැනි මහලේ සාදයට පොලීසිය පනී – නීති ශිෂ්‍යාවක් ඇතුළු 4ක් අත්අඩංගුවට

කොළඹ පිහිටි මහල් ගොඩනැගිල්ලක ප්‍රභූවරු සහ ධනකුවේරයන් නිතර ගැවසෙන 30 මහලේ ඇති අවන්හලක පැවති ෆේස්බුක් සාදයක් අද අලුයම වැටලූ පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් මත්ද්‍රව්‍ය ළග තබාගෙන සිටි තරුණියක් ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

තරුණිය එංගලන්තයේ අධ්‍යාපනය ලබා නීතීඥවරියක් වීමේ අපේක්ෂාවෙන් නීති අධ්‍යාපනය ලබමින් සිටින්නියකි. සෙසු තිදෙනා අතර මෘදුකාංග ඉංජිනේරුවරයෙක්ද සිටින අතර මේ සිව් දෙනාම ධනවතුන්ගේ දරුවන් බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සදහන් කළේය.

මෙම සාදයට 200ක පමණ තරුණ තරුණියන් පිරිසක් සහභාගී වී සිට ඇත. අලුයම් කාලයේදී මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් එම ස්ථානය වටලන විට බොහෝ පිරිසක් මත්වී තැන තැන වැටී සිට ඇත.

මෙම සාදයට පැමිණි තරුණ තරුණියන්ට සංවිධානාත්මකව මත්ද්‍රව්‍ය අලෙවි කිරීම් සිදුව ඇති බව දූෂණ මර්දන බලනය සඳහන් කරයි.

කුෂ්, කොකේන් මෙන්ම මත්පෙති වර්ග මෙහි අලෙවිකර ඇති බවත් අත්අඩංගුවට ගත් තරුණිය සහ තරුණයින් තිදෙනා සතුව තිබී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය බවත් දූෂණ මර්දන බලකාය සඳහන් කළේය.

මෙම ස්ථානය වටලා ඇත්තේ කොළඹ කොටුව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here