fbpx
තවත්
    මුල් පිටුවspecialශ්‍රී ලංකා තරගයේ ඉන්දියානු ලෝක වාර්තාව

    ශ්‍රී ලංකා තරගයේ ඉන්දියානු ලෝක වාර්තාව

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඉන්දීය කණ්ඩායම ඊයේ (15) රාත්‍රියේ ජයගත් එක්දින ක්‍රිකට් තරගය ලෝක ක්‍රිකට් වාර්තා පොත අලුත් කර තිබේ. අන්තර්ජාතික එක්දින තරගයක දී ලබාගත් ලොව විශාලතම ජයග්‍රහණය ලෙසයි.

    ඉන්දීය කණ්ඩායම ත්‍රිවැන්ඩම් පැවැති මෙම තරගය ලකුණු 317කින් ජයගත් අතර ඔවුන් අභිබවා ගියේ මිට පෙර 2008 වසරේ ජුලි 01 වැනිදා අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ඇබර්ඩින්හි දි නවසීලන්ත කණ්ඩායම ලබා තිබූ ලකුණු 290ක ජයග්‍රහණයයි.

    ඊයේ ලැබූ දැවැන්ත ජයග්‍රහණයත් සමඟ තරග 3-0ක් ලෙස තරගාවලිය ජය ගැනිමට ද ඉන්දියානු කණ්ඩායම සමත්විය. පළමුව පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට කඩුලු 5ක් දැවි ලකුණු 391ක ඉලක්කයක් ලබා දුන්නේය.

    ඉන්දීය ඉනිම වර්ණවත් කළ විරත් කෝලි පන්දු එකසිය දහයක දි නොදැවි ලකුණු 166ක් ලබා ගත්තේය. ඔහුට අනගි සහයක් දුන් සුබාමන් ගිල් පන්දු අනූ හතක දි ලකුණු 116ක් ලබා ගත්තේය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ සියලුදෙනාම දැවී ලකුණු 73ක් පමණි. ඉන් පිතිකරුවන් හත් දෙනෙකුටම ලකුණු 10 සීමාවට හෝ පැමිණීමට ඉඩ ලබා නොදීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.

    මොහොමඩ් සිරාජ් ලකුණු 32කට කඩුලු 4ක් දවා ගත්තේය.

    ඉන්දියාව 390/5 (50)

    ශ්‍රී ලංකාව 73/10 (22)

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.