Home උණුසුම් පුවත් වලානෙන් ඇල්ලූ තායි ගණිකා නිවාසයට පොලීසියේ ලොකු අයගේත් සම්බන්ධයක්

වලානෙන් ඇල්ලූ තායි ගණිකා නිවාසයට පොලීසියේ ලොකු අයගේත් සම්බන්ධයක්

0
වලානෙන් ඇල්ලූ තායි ගණිකා නිවාසයට පොලීසියේ ලොකු අයගේත් සම්බන්ධයක්

පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් කොල්ලුපිටියේ තරුපංතියේ හෝටල් හිමිකරුවෙකු විසින් සම්බහන මධ්‍යස්ථානයක් ලෙස තායි කාන්තාවන් යොදාගෙන කරගෙන ගිය සුපිරි ගණිකා නිවසකට පොලීසියේ දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකුගේ ආශිර්වාදය තිබී ඇති බව පෙනී ගොස් තිබේ.

මෙම ගණිකා නිවාසයේ රැදී සිටියදී අත්අඩංගුවට ගත් තායි ගණිකාවන් සංචාරක වීසා මගින් මෙරටට ගෙන්වාගෙන ඇති බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

එහිදී අත්අඩංගුවට ගත් තායි ගණිකාවන් 05 දෙනාත් ගණිකා නිවාසයේ කළමනාකාරුත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසු ඒ අය රුපියල් 5000 බැගින් වූ ශරීර ඇප 06ක් මත මුදාහැර තිබේ.

මුහුදු මාවතේ පිහිටි තරුපන්තියේ හෝටලයකට යාබදව පිහිටි ලැගුම්හලක මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇත. අසල හෝටලයේ නවාතැන් ගෙන සිටිමින් මෙම ස්ථානයේ ඔවුන් ගණිකා ජාවාරම වසරකට වැඩි කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත. මෙම ගණිකාවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයටද ඇබ්බැහි වී සිටින බවද පෙනී ගොස් ඇත.

මෙම ගණිකා නිවාසයේ කළමනාකාරු කොටහේන ශාන්ත සෙබස්තියන් මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකි.

ගණිනා නිවාසයට ඇතුළු වීමට පමණක් රුපියල් 10,000ක මුදලක් අය කරන අතර කාන්තාවකගේ පහස ලබාගැනීමට රුපියල් 15,000ක මුදලක් අයකරන බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here