Home උණුසුම් පුවත් අනියම් බිරිඳව හෝටලයකට රැගෙන ගොස් ගබ්සා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

අනියම් බිරිඳව හෝටලයකට රැගෙන ගොස් ගබ්සා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

0
අනියම් බිරිඳව හෝටලයකට රැගෙන ගොස් ගබ්සා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

පස් මස් ගැබිනියක් වන සිය අනියම් බිරිදව හෝටල් කාමරයකට රැගෙන ගොස් වෛද්‍යවරයෙක් බව කියන පුද්ගලයෙකුව එහි රැගෙන විත් ගබ්සාකල පුද්ගලයෙකුව මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබේ.

මාවරල, ගොමිය, ඇහැළකන්ද වත්තේ පදිංචිකරුවෙක් වන චමින්ද සෙනෙරත් (39) නැමැති පුද්ගලයෙකුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

පිටබැන්දර ප්‍රදේශයේ හෝටලයක් තුළදී පසුගිය වසරේ පෙබරවාරි 08 වෙනිදා මෙම අපරාධය සිදුව ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇත. මෙම අපරාධයට ගොදුරු වී ඇත්තේ 21 හැවිරිදි කාන්තාකි.

ඇය විසින් මේ ගැන පොලීසියට කල පැමිණීල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

දරු ගැබ වලදමා ඇත්තේ මාවරලේ සැකකරුගේ ගෙවත්තේ බවද අනාවරණය වී තිබේ.

ඇගේ දරු ගැබ ඉවත්කිරීමට මුල්වූ වෛද්‍යවරයෙක් බව කී පුද්ගලයා හදුනා ගැනීමට විමර්ශන ආරම්භකර ඇතැයි මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කළේය.

මෙම කාන්තාව අවුරුදු 15ක්ව සිටියදීද මෙම පුද්ගලයා අතින් දූෂණය වී දරුවෙක්ද ලැබී ඇති බව පොලීසිය සඳහන් කළේය. එම දරුවා අධිකරණය හරහා දරුකමට හදා වඩා ගැනීමකට පවුලකට භාරදී ඇති බවද පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here