Home උණුසුම් පුවත් පාපන්දු සම්මේලනයේ සභාපතිකම ශ්‍රී රංගාට

පාපන්දු සම්මේලනයේ සභාපතිකම ශ්‍රී රංගාට

පාපන්දු සම්මේලනයේ සභාපතිකම ශ්‍රී රංගාට

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී රංගා මහතා තේරී පත්වී තිබේ.

ඒ අද පැවති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයේදී ය.

එහිදි පාපන්දු ලීග 56කින් මනාප 27ක් ලබාගත් ශ්‍රී රංගා මහතා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස තේරී පත්වූයේ ප්‍රතිවාදි තරගකරු වූ ජගත් රෝහණ මහතා මනාප 24ක් ලබාගනිද්දී ය.

හිටපු සභාපති ජස්වර් උමාර්ට එරෙහිව අභියාචනයක් ඉදිරිපත්වී තිබීම නිසා නිල වර්ණ කමිටුව මගින් උමාර් මහතාව ඉවත් කර තිබුණි.

ජගත් රෝහණ මහතා තරග වැදී තිබුණේ ඔහුගේ පාර්ශවයෙනි.

මෙම නිලවරණයෙන් පත්වූ නිලධාරි මණ්ඩලය මාස පහක කාල සීමාවක් එම ධූරවල කටයුතු කරයි.

මේ වසරේ මැයි 31ට පෙර නැවතත් නිල නිලවරණය පැවැත්වීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here