Home උණුසුම් පුවත් මුහුදෙන් ප්‍රංශෙට පැන්න ලාංකිකයෝ පිරිසක් ගුවනින් ආපහු එවලා

මුහුදෙන් ප්‍රංශෙට පැන්න ලාංකිකයෝ පිරිසක් ගුවනින් ආපහු එවලා

මුහුදෙන් ප්‍රංශෙට පැන්න ලාංකිකයෝ පිරිසක් ගුවනින් ආපහු එවලා

ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත නීතිවිරෝධී ලෙස බෝට්ටු මගින් සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත් ශ්‍රීලාංකිකයන් 46 දෙනෙකු නැවතත් ගුවන් මගින් මෙරටට පිටුවහල් කිරීමට ප්‍රංශ බලධාරීන් කටයුතු කර ඇත.

පසුගිය දෙසැම්බර් මස 02 වන දින මීගමුව ප්‍රදේශයෙන් IMUL – A- 0559 CHW දරණ බහුදින ධීවර යාත්‍රාව මඟින් මොවුන් පිටත්ව ගොස් තිබුණි.

නීති විරෝධීව රී-යූනියන් දූපතට සංක්‍රමණය වීමට උත්සාහ කල මොවුන් අතර බහුදින ධීවර යාත්‍රාවේ කාර්යය මණ්ඩලය සමඟ පිරිමි පුද්ගලයන් 43 ක්, කාන්තාවන් දෙදෙනෙක් (02) ක් හා එක් පිරිමි ළමයෙකු (01) ඇතුළු පුද්ගලයන් 46 දෙනෙකු සිට තිබේ.

මොවුන් පසුගිය දෙසැම්බර් මස 24 වන දින රී-යූනියන් දූපතට ඇතුළු වීමේදී අත්අඩංගුවට පත්වී ඇත.

මෙම පිරිස යාපනය, කිලිනොච්චි, මුලතිව්, මන්නාරම, මඩකලපුව, හලාවත සහ මීගමුව යන ප්‍රදේශයන්හී පදිංචි වයස අවුරුදු 13 ත් 53 ත් අතර වයසේ පසුවන පුද්ගලයන් බවට අනාවරණය වී ඇත.

ඒ අනුව, ඊයේ(13) ගුවන් මඟින් මෙරටට පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකිකයන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කරන ලදි.

මෙම ජාවාරම මෙහෙයවූ දෙහිවල ප්‍රදේශයේ ජාවාරම්කරුවන් විසින් එක් පුද්ගලයෙකු‍ ගෙන් රුපියල් 200,000.00 සිට රුපියල් 4,500,000.00 දක්වා මුදලක් අයකර ඇති බවට අනාවරණය වී ඇත.

අහිංසක මිනිසුන් රවටා මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ජාවාරම්කරුවන් විසින් සංවිධානය කරනු ලබන මෙවැනි මිනිස් ජාවාරම් වලට හසුවී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර මුදල් නැති නාස්ති කරගැනීමෙන් සහ නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.

එමෙන්ම මෙවැනි අනවසර සංක්‍රමණිකයන් රී-යූනියන් දූපත වෙත ඇතුල් කරගැනීම සඳහා ප්‍රංශ රජයෙන් කිසිදු අනුග්‍රහයක් හිමි නොවේ.

ඔවුන් අත් අඩංගුවට ගෙන වහාම නැවතත් මෙරටට පිටුවහල් කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here