fbpx
තවත්
    මුල් පිටුවCOVIDරටින් එන සංචාරකයන්ට දැමූ අලුත් කොවිඩ් සීමා ඉවතට

    රටින් එන සංචාරකයන්ට දැමූ අලුත් කොවිඩ් සීමා ඉවතට

    එන්නත් ලබා නොගත් සංචාරකයින් මෙරටට පැමිණීමේදී පැය 72 කට පෙර PCR පරීක්ෂණක් සිදුකර ගත යුතු බවට වන නීතියක් හෝ මාර්ගෝපදේශයක් පනවා නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

    එසේම සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා නොමැති කිසිදු ක්‍රමවේදයක් වලංගු නොවන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් කියා සිටී.

    ඒ අනුව කොවිඩ් -19 රෝගය හා සම්බන්ධව දිවයිනට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් පසුගිය වර්ෂයේ දෙසැම්බර් මස 6 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කළ චක්‍රලේඛය පමණක් තවදුරටත් වලංගු වේ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ අද (14) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදීයි.

    රටට ඇතුළු වන සංචාරකයින්ගෙන් කොව්ඩ්-19 ඒම වැළැක්වීමට එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට සහ එසේ නොමැති නම් මෙරටට පැමිණීමට පැය 72කට පෙර කොවිඩ් පරීක්ෂණ වාර්තාව අනිවාර්ය කිරීමට පියවර ග්න ඇතැයි සංචාරක අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේය.

    එසේවුවද අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියාසිටියේ සංචාරකයන්ට මීට පෙර නිකුත් කර තිබූ මාර්ගෝපදේශනය වෙනස් වී නොමැති බව ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.